Lifelenses's Blog
ජේම්ස් නට්වේ සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව. James Nachtwey
ජේම්ස් නට්වේ  සහ යුධ විරෝධී ඡායාරූපකරණ කලාව
ජායාරූපයන් ඉතිහාසය වාර්තාගතකරණවා පමණක් නොවෙයි එය ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීමටත් උදවු කරන බව ජේම්ස් නට්වේ පවසනව. ඔහු එය ඉගෙන ගත්තෙ 60 දශකයේ ඔහුගේම ජීවන අත්දැකීම් තුලින්. 60 දශකය කියන්නේ විප්ලවීය දශකයක්. නැට්වේ ජීවත් වූ ඇමෙරිකාව හරහාත් මේ විප්ලවීය රැල්ල හඹා ගියා. සිවිල් අයිතිවාසිකම් සඳහා අරගලයන් සහ යුධ විරොධී අරගලයන් සියළු තැන්වල ඇවිලී ගොස් තිබුණ. පාලකයන් හා හමුදා නායකයන් වියට්නාම් යුද්ධය  ගැන මහජනයාට කියූ දේවල් වලට හාත්පසින්ම වෙනත් චිත‍්‍රයක් ජායාරූපකරුවන් ඒ ගැන කියමින් සිටිය. මෙය යුද්ධය පිළිබඳ විකල්ප චිත‍්‍රයක් නිර්මාණය කලා පමණක් නෙමෙයි යුද්ධයට විරුද්ධව විශාල මහජන විරෝධයක් නිර්මාණය කලා. ඡායාරූපකරණය කියන්නේ කෙතරම් බලපෑම් සහගත මාධ්‍යයක්දැයි තේරුම් ගත්තේ මෙම අත්දැකීම් වලින්.
යුද්ධය ඡායාරූපයට නැගිය යුත්තේ ඇයි. යුද්ධය කියන්නේ මිනිස් ඉතිහාසය පුරාම පැවතුණු එක්තරා ආකාරයක මානව ක‍්‍රියාකාරීත්වයක ආකෘතියක්. මෙය ඡායාරූපකරණය හරහා නැවැත්විය හැකිද? මෙවැනි ප‍්‍රකාශයක් විහිළු සහගත ලෙස අසමබර බව පෙනෙන්නට පුළුවන්. ඒත් මේ අදහස තමයි නට්වේව ඡායාරූපකරණයට යොමු කලේ.  “මට අනුව ඡායාරූපකරණයේ ශක්තිය රුදිල තිබෙන්නේ එයට මානවීයත්වයේ හැගීම මතු කිරීමට තිබෙන හැකියාව මතයි. යුද්ධය කියල කියන්නේ මානවීයත්වය නිෂේදනය කරන දෙයක් නම් ඡායාරූපකරණය එහි විරුද්ධ පැත්ත ලෙස අපට දකින්නට පුළුවන්.” නට්වේ කියන්නේ ඡායාරූපකරණය ඉතා හොඳින් භාවිතා කළහොත් එය මඟින් යුද්ධයට විරුද්ධව බලපෑම් සහගත ප‍්‍රතිරෝධයක් ජනිත කරවිය හැකි බවයි.
වාර්තා ඡායාරූපකරණයේ බලපෑම, එහි අදාලත්වය සහ එහි ආචාරධර්ම පිළිබඳ විශාල සංවාදයක් අද ලෝකයේ ඇති වෙලා තිබෙනව. අද ලෝකයේ මතුවී ඇති අර්බුධයන් හා සසඳා බලනවිට පුංචි ඡායාරූපයකට කරන්න පුළුවන් බලපෑම මොකක් ද කියන එක ප‍්‍රශ්නයක්. ඒත් අපි අවට ඇති සිදුවීම් අපි කරා ගෙන එන්නේ මීට ප‍්‍රතිවිරුද්ධ චිත‍්‍රයක්. අද වාර්තා ඡායාරූපකරණයට ලෝකයේ සෑම තැනකම විශාල වාරණයන් පැනනැගිල තිබෙනව. ස්වාධීන ඡායාරූප ශිල්පියකුට අද ලෙහෙසියෙන් ගැටළුවක් ආවරණය කරන්න අවසර ලබාගන්න අමාරුයි. ඒ එකපැත්තක්. තවත් පැත්තකින් විශාල සමාගම් වාර්තා ඡුායාරූපකරණ ක‍්‍රියාවලියට ඇතුළු වී තිබෙනව. විවිධ රටවල පාලන තන්ත‍්‍රයන් තමන්ගෙ රටවල ගැටළු ආවරණය කිරීමට මෙම සමාගම්වලට ඇණවුම් ලබා දෙනව. මේ මගින් සිදුවීම් පිළිබඳ කලින් සැකසූ චිත‍්‍රයක් තමයි අපහට ලැබෙන්නෙ. ඡායාරූපකරණය බලපෑම්සහගත දෙයක් නොවේනම් ඇයි ඒ ක‍්‍රියාවලිය පාලනය කරන්න මෙතරම් උත්සාහ කරන්නේ? ඇත්තටම වාර්තා ඡායාරූපකරණයට සමාජයට බලපෑමක් කරන්න බැරිනම් මෙවැනි තත්වයක් ඇති වීමට හැකියාවක් නැහැ.
ඇමෙරිකානු-වියට්නාම් යුද්ධ කාල සීමාව තුළ ඡායාරූප මගින් කරන ලද බලපෑම පිළිබඳව ලෝකයේ බොහොමයක් රජයයන් දැන් දැනුවත්. එම නිසා දැන් රජයන් වගේම රජයන්ට විරුද්ධව සටන් කරන පාර්ශවයන් ගැටුම් වාර්තාකරණයට ඉඩ දෙන්නෙ ඉතාම පරිස්සම් සහගතව. මෙම නිසා වෙනදාටත් වඩා ස්වාධීන වාර්තා ඡායාරූපකරණ භාවිතයක අවශ්‍යතාව අද වැඩි වෙලා තිබෙනව. ස්වාධීන කියන අදහස ගැටළුකාරී තමයි. මොකද හැම කෙනෙකුටම යම් පක්ෂපාතීත්වයන් හා දේශපාලන මතයන් තිබෙන නිසා. නුමුත් එම ගැටළුවට මුහුණ දීමේ ක‍්‍රමය වාර්තාකරණයට තිබෙන අවකාශය සීමා කිරීම ද, එසේත් නැත්නම්  විවිධ මානයන්ගෙන් සිදුවීමේ සංකීර්ණත්වය ග‍්‍රහණයකිරීමට හැකිවන සේ එම අවකාශය පුළුල් කිරීම ද යන්න අප හමුවේ ඇති ගැටළුවක්. නට්වේ ගේ ඡායාපකරණය අපව මේ පිළිබඳව සිතීමට හොඳ ආරම්භයක්.
ජේම්ස් නට්වේ
http://www.jamesnachtwey.com/
රට ගිනි ගන්නා වෙලාවේ ගස් ගල් වල පින්තූර ගන්න අපේ ඡායාරූප ශිල්පියෝ.
තමන්ගේ දරුවට කිරි ටිකක් මිලදී ගැනීමට නොහැකිව අඩා වැටෙන දහසක් මවුවරුන් මැද, යුද්ධයෙන් මියගිය තම පෙම්වතාගේ ඡායාරූපය දෙස බලමින් සෝ සුසුම් නගන දහසක් පෙම්වතියන් මැද, ඉතිරී වී ඇති තම දෙඅතින් යලි නැගිටීමට වෙර දරන දහසක් අබාධිත සොල්දාදුවන් මැද, අපට පුළුවන්ද වසන්තය ගැන ගී ලියන්න. බැස යන හිරු කාචයකින් සිතුවමකට නගන්න. ලෝකයේ මනුෂ්‍යත්වය අහිමි වී යන මොහොතක එය නොදකින දෑසකට පරිසරය පමණක් හැගුම්බරව පෙනේවිද? දැනේවිද? එය ව්‍යාජයක් නොවේද?
ඩොරෙතා ලෑන්ගෙ  විශිෂ්ඨ කලා නිර්මාණයක් වූ  “සංක‍්‍රමණික මව” ඡායාරූපය –  1936
ඒ 1930 දශකයයි. පළමු ලෝක යුද්ධය අවසන් වී ගතවී තිබුනේ වසර දහයකටත් අඩු කාලයක්. මුළු ලෝකයම මහා ආර්ථික අවපාතයකින් ගිල ගනිමින් පැවතුන. එතකොට ඇන්සල් ඇඩම්ස්ට අවුරුදු විසිගණනක් පමණ ඇති. යාන්තම් ඡායාරූප ක්ෂේත‍්‍රයේ සාර්ථකත්වයක් ලබාගත්තා පමනයි. ඒත් ඇන්සල් තෝරාගෙන සිටි ඡායාරූප ක්ෂේත‍්‍රය හතරවටින්ම ප‍්‍රහාරයට ලක්වෙමිනුයි තිබුනෙ. මේ වගේ කාලයක සමාජ ප‍්‍රශ්න පිළිබඳ අමතක කරල ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක කෙතරම් අසංවේදී වැඩක්ද?
තරුණ ඇන්සල් ට පමණක් නෙමෙයි මේ ප‍්‍රශ්නය බලපෑවෙ. ඒ යුගයේ බොහෝ කලා කරුවන් කලා කාරියන් තමන්ගේ කලාවේ අරමුණ ගැන නැවත සිතමිනුයි සිටියෙ. හැම රටකම දේශපාලන තත්වයන් ගොඩක් ගිනියම් වෙලා තිබුන. සමාජවාදීන් කිව්වෙ කලාවෙ අරමුණ විය යුත්තෙ ජනතාව දැනුවත් කරන එක කියල. ඒ කාලයෙ ශීඝ‍්‍රයෙන් ජනප‍්‍රිය වෙමින් පැවතුන ෆැසිස්ට් දේශපාලන ධාරාවෙ අය කිව්වේ කලාවෙ අරමුණ වෙන්න  ඕනෙ ශිෂ්ඨත්වය, රට, ජාතිය මතු කරල පෙන්නන එක කියල. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් කලාව සැලකුවෙ උසස් රස වින්දනයට අදාල දෙයක් ලෙසටයි.
“ලෝකයම කැබලි වෙමින් තිබෙනව. ඇඩම්ස් සහ වෙස්ටන් ගස් ගල් ඡායාරූපයට නගමින් ඉන්නව.” සුප‍්‍රකට කලාකරුවෙකු වූ කාතියේ බෙසාන් මේ විදියට තමයි ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක විවේචනයට ලක් කලේ. තරුණ ඇන්සල්ගෙ කලා භාවිතය මෙම විවේචන වලින් දරුණු විදියට වෙව්ලූම් කෑව. ඒත් ඇන්සල්ට පුළුවන්ද ස්වභාවධර්මය ඡායාරූපයට නගන එක නවත්වන්න? පරිසරය සමඟ ඇන්සල්ට තිබුනෙ හරිම ගැඹුරු සම්බන්ධයක්. තමන්ගෙ ජීවිතයෙ ගැඹුරුම සත්‍යයෙන් වියෝ වුන කලාකෘතියක් තවදුරටත් සැබෑ කලාකෘතියක් වේවිද?
ඇන්සල් ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඇන්සල් ඇඩම්ස් ඉපදුනේ 1902 වසරෙ ඇමෙරිකාවේ සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ. ඔහු කුඩා කාලයෙ එතරම් නිරෝගී ළමයෙක් නෙමෙයි. නිතරම එයාට ලෙඩ රෝග වැළදුන. ඒ වගේම එයාව සැලකුනෙ අධි ක‍්‍රියාකාරී ළමයෙක් ලෙසටයි. මේ හේතුව නිසා එක පාසලක එයාට වැඩි කාලයක් ඉන්න ලැබුනෙ නැහැ. මේ අතරෙ 1906 සැන් ෆ‍්‍රැන්සිස්කෝ නගරයෙ විශාල භූමිකම්පාවක් ඇතිවුන. ඇන්සලූත් එයින් තුවාල ලැබුව. මුළු පවුලම විශාල ආර්ථික අර්බුදයකට පත්වුනා. ඇන්සල්ගෙ අම්මට ආතතිය හැදුන. එතැන් සිට ඇන්සල්ගෙ ළමා විය කොහොමටත්ම සුන්දර එකක් වුනේ නැහැ.
ඇන්සල්  කියන්නෙ හසුරවන්නට ඉතාම අපහසු ළමයෙක්. එක් පැත්තකින් එයා හරිම ක‍්‍රියාකාරීයි. ඒත් තවත් පැත්තකින් එයා හරිම හුදකලයි. ඒ වගේම එයා ගොඩක් බුද්ධිමත්. එයා තුළ විශාල ශක්තියක්, ජීවයක් තිබුන. ඒත් මේ ශක්තිය කිසිම අරමුණකින් තොරව පාලනයකින් තොරව එයා තුළ විසිරිලයි තිබුනෙ. දරුණු ආර්ථික ප‍්‍රශ්න තියන මොහොතක මේ වගේ ළමයෙක්ව ඉවසගෙන ඉන්න එක දෙමාපියන්ට හරිම අසීරු වැඩක්. ඒත් ඇන්සල්ගෙ පියා ඇන්සල්ව පාලනය කරනව වෙනුවට ඇන්සල්ගේ මේ ජීවය පෝෂණය කරන්න උත්සාහ කලා.
ඇන්සල්ගෙ පියා නගරයේ හිටපු දක්ෂතම පුද්ගලික ගුරුවරු මාර්ගයෙන් ඇන්සල්ට අධ්‍යාපනය ලබා දුන්න. එයාට ගෙවීමෙ ක‍්‍රමයට ඩොලර් 6000ක පියානෝවක් ගෙනල්ල දුන්න. මුළු ලෝකයම ඇන්සල්ව අත හරින මොහොතක ඇන්සල්ගෙ පියා ඇන්සල්ව සැලකුවෙ තමන්ගෙ මුළු ලෝකයම විදියට. ඇන්සල් තදින් සංගීතයට යොමුවුනා. ඔහු තුල විසිරිල තිබුනු ශක්තිය සංගීතය ඇතුලෙ ක‍්‍රමයෙන් එක අරමුණකට යොමු වුන. මෙතෙක් කැඞී බිදුනු අවුල් සහගත දෙයක් ලෙස පෙනුන ලෝකය විවිධ රිද්මයන්, විවිධ හැඩතලයන්, සියුම් සම්බන්ධයන් සහිත තැනක් ලෙසට ඇන්සල්ට පෙනෙන්නට ගත්ත.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
එත් ඇන්සල්ගෙ පීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් වුනෙ තවත් ආකාරයක සංගීතයක් එයාගෙ ජීවිතයට හමු වුනාට පසුවයි. වසර 14 දී අසනීපයෙන් ඉන්න මොහොතක ඇන්සල්ගෙ නැන්ද කෙනෙක් ඇන්සල්ට ලස්සන පොතක් ගෙනල්ල දුන්න. ඒ පොතේ තිබුනෙ සියේරා නෙවාඩා කදුකරයෙ යොසෙමීට් සානුව ගැන. ඒ සානුවෙ ජීවත්වුනු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිස්සු ගැන. පරිසරයත් එක්ක ඔවුනට තිබුනු අපූර්ව සම්බන්ධය ගැන.
කුඩා ඇන්සල්ගෙ සිතුවිලි ලෝකය යොසෙමීට් සානුවෙ ගූඪ චමත්කාරයෙන් වෙලා ගැනුන. ඇන්සල්ගෙ පියා 1916 වසන්තයේදී ඔහුව සියේරා නෙවාඩා කදුකරයට රැගෙන ගියා. ඒ වගේම එයාට ඒ ගමනෙදි තවත් තෑග්ගක් හමුවුන. ඒ තමයි කොඩැක් බ‍්‍රවුනි කැමරාවක්. අප දන්න ඇන්සල් ඇඩම්ස්ගෙ ජීවිතය පටන් ගැනෙන්නෙ මෙතැන් පසුයි.
ඇන්සල් ඇඩම්ස්ගෙ චමත්කාරජනක ඡායාරූපයන් දකින විට ඒ තුළ අපට මුලික බලපෑම් දෙකක් අදුනගන්න පුළුවන්. එකක් තමයි සංගීතය. “පියානොවේ යතුරු 88 ක් තිබෙනව. සංගීත නිර්මාණයේදී අපි ඒ යතුරු සියල්ල උපයෝගී කරගත යුතුයි. ඒ වගේම තමයි ඡායාරූපකරණයත්. කළු වර්ණය හා සුදු වර්ණය අතර වර්ණ සංයෝගාකාරයන් 88ක් පමණ තියෙනව. ඡායාරූපයක් නිර්මාණය කරත්දී ඒ සියලූ දේ අප භාවිතා කල යුතුයි. ඒවා භාවිතා කරන ආකාරය අප දැන සිටිය යුතුයි” ඇන්සල් සංගීතය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය දකින්නේ ඒ ආකාරයටයි.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඇන්සල්ගෙ ඡායාරූපකරණයට බලපෑ අනිත් ප‍්‍රධාන හේතුව තමයි පරිසරය සමඟ ඔහුට තිබුණු හෘදයාංගම සම්බන්ධය. ඇන්සල්ගෙ තරුණ කාලයේ පරිසරය ගැන සමාජයෙ තිබුනෙ හරිම උපයෝගීතාවාදී අදහසක්. ඒ කාලය ලෝකය තදින් කාර්මිකකරණය වෙමින් පැවතුන යුගයක්. බොහෝ දෙනා විශ්වාස කලේ පරිසරය කියන්නෙ මිනිසුන්ගෙ අවශ්‍යතාවලට යොදාගන්න තිබෙන දෙයක් කියලයි. තාක්ෂණ දියුණුව නිසා පරිසරය මිනිස්සුන්ට මෙල්ල කරගන්න පුළුවන් කියල ලොකු විශ්වාසයක් ඒ කාලයෙ ඇතිවෙලා තිබුණ.
ඇන්සල්ට එයාගෙ නැන්ද ගෙනල්ල දුන්න පොතේ හිටපු ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන් පරිසරය ගැන දැක්වුවේ වෙනම ආකල්පයක්. අපට පුළුවන්ද පරිසරයෙන් තොරව අප ගැන සිතන්න. අපේ ජීවිතය කියන්නෙ මේ විශාල පරිසර පද්ධතියෙ එක් කුඩා අංශුවක් පමණයි. ඒ පද්ධතියට කරන  ඕනෑම බලපෑමක් අප අපටම කරගන්නා බලපෑමක්. පොළව මිනිස්සුන්ට පුද්ගලිකව වෙන් කරගන්න පුළුවන් දෙයක් කියන අදහස ඒ ගොල්ලන්ට කොහෙත්ම තේරුම් ගන්න බැරිවුන. ඔවුන් පරිසරයට සැලකුවේ දේවත්වයෙන්.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඒත් අළුතින් ඇතිවෙල තිබුණු තාක්ෂණික දියුනුවෙන් මත්වෙල හිටපු බොහෝ දෙනෙක් මේ අදහස් සැලකුවෙ මෝඩ අවිද්‍යාත්මක අදහස් ලෙසටයි. ඔවුන් මේ මිනිස්සුන්ව බලහත්කාරයෙන් කුඩා ප‍්‍රදේශ වලට කොටු කලා. ඒ අයගෙ ළමයින්ව දෙමවුපියන්ගෙන් වෙන්කරල ඒ අයට බලෙන් “නව දැනුම” ඉගැන්නුව. ඒකට අකමැති වුනු අයව මරල දැම්ම. ඒ කාලයෙ මූලික සංවාදය වුනේ පරිසරය මෙල්ල කරල ගන්න සම්පත් බෙදාගන්නෙ කොහොමද කියන එක. ඒවා තරගකාරී විදියට මිනිසුන්ට ලබාගන්න දෙනවද? එහෙම නැත්තම් සමානව මිනිසුන් අතරෙ බෙදල දෙනවද?
ඒත් ස්වභාවධර්මය එහෙම මිනිස්සුන්ට බෙදාගන්න පුළුවන් දෙයක්ද? ඇන්සල් ගමන් කලේ වෙනම පාරක. එයා උත්සාහ කලේ ස්වභාවධර්මයත් එක්ක අපගේ තිබෙන ගැඹුරු සම්බන්ධය ඡායාරූපයට නගන්න. කැමරා කාචයකින් ස්වභාවධර්මයේ සිතුවිලි වලට සවන් දෙන්න. ඒ සමග කතා කරන්න. එහි විවිධාකාර රහස්, රිද්මයන් සොයා යන්න. එයා තමන්ගේ තරුණ කාලයම කැප කලේ ඒ සඳහායි.
ඇන්සල් වැඩ කලේ ආර්ථික අමාරුකම් රාශියක් මැද්දේ. ඒ කාලයෙ ඡායාරූපකරනය ආර්ථික අතින් යැපීමට තරම් දියුණු වෙලා තිබුනු ක්ශේත‍්‍රයක් නොවෙයි. ඔහු දිනකට පැය 20ක් පමන වැඩ කලා. මේ අසීරුතා මැද ඡායාරූප ඉතිහාසයේ නිර්මාණය වුනු ශ්‍රේෂ්ඨතම ඡායාරූප රාශියක් නිර්මාණය කරන්න ඇන්සල්ට හැකි වෙලා තිබෙනව. ඒ වගේම ස්වභාවධර්මය ගැන සමාජ ආකල්ප වෙනස් කරන්න ඇන්සල්ගෙ කලා නිර්මාණයන් විශාල වශයෙන් දායක වෙලා තිබෙනව.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඒත් සමාජ ප‍්‍රශ්න ඡායාරූපයට නගන එක වගේම ස්වභාවධර්මය ඡායාරූපයට නගන එකත් දේශපාලනිකයි කියල කවුරුත් ඒ කාලයෙ පිලිගත්තෙ නැහැ. ඒත් ඇන්සල් ඇඩම්ස්ගෙ අදහස වුනේ වාර්තා ඡායාරූපකරණය ඉතා ඉහල මට්ටමෙන් නොපැවතුනොත් එය හුදු ප‍්‍රචාරකවාදයක් වෙනව කියලයි.
ඇන්සල්ගෙ කාලයට වඩා අද වෙනස්. බොහෝ පරිසරය ගැන උනන්දුවෙන් කතා කරනව. පරිසර ප‍්‍රශ්නය අපගේ යුගයේ ප‍්‍රධානතම සමාජ ගැටළුවක් බවට පත් වෙලා. ඒ සම්බන්ධයෙන් දේශපාලන ව්‍යාපාර පවා ඇතිවෙලා තිබෙනව. පරිසරය රැකගැනීම වෙනුවෙන් වැඩ කරනව කියන එක මිත්‍යාදෘෂ්ධියක් හෝ මෝඩකමක් කියල කියන අය අද අඩුයි. ඇමරිකානු ස්වදේශික ඉන්දියානු මිනිසුන්ගේ පරිසරය ගැන ආකල්ප අද පරිසර ව්‍යාපාරවල තේමාවන් බවට පත්වෙලා.
ඇන්සල්ගෙ තරුණ කාලයේ බොහෝ දෙනා ධනවාදය වෙනුවෙන්, සමාජවාදය වෙනුවෙන්, ෆැසිස්ට්වාදය වෙනුවෙන් තමන් වැඩකරනව කියල ආඩම්බරයෙන් කියපු ආකාරයටම අද කෙනෙකුට පරිසරය වෙනුවන් තමන් වැඩ කරනව කියල කියන්න හැකියාවක් අත්වෙලා තියෙනව. අද වාර්තා ඡායාරූපකරණය තුළට පරිසර ප‍්‍රශ්න වාර්තාකරණයත් පිවිසිල.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
ඉස්සර වගේ අද ගොඩක් අය ප‍්‍රසිද්ධියෙ තමන් ධනවාදී, ෆැසිස්ට්වාදී හෝ සමාජවාදී කියල අදුන්වගන්න එක දකින්න අමාරුයි. පරිසරවාදය අද එතැනට ඇවිල්ල වගේ. මිනිස්සු පරිසරයට වඩා ප‍්‍රමුඛයි කියන එකයි, පරිසරය මිනිසුන්ට වඩා ප‍්‍රමුඛයි කියන එකයි එකම කාසියෙ දෙපැත්ත වගේ. මිනිසුන් හැමදාම අන්තවාදයන් වෙත ඇදී යන්නෙ කෙතරම් පහසුවෙන්ද? හරියට පහන් දැල්ලක් වෙතට නොදැනීම ඇදීයන මෙරුවන් වගේ.
දේශපාලන මතවාදයන් එනව යනව. එක කාලයක ගොඩක් වැදගත් කියල හිතෙන දේ තවත් කාලයක නොවැදගත් කියල හිතෙනව. එක යුගයක විප්ලවීය වෙන දේවල් තව යුගයක සම්ප‍්‍රදායික දේ බවට පත්වෙනව. ඒත් සමහර කලා කෘති සැමදා පවතිනව. යුගයේ කලාකරුවෙක් වෙන්න දහසකුත් එකක් විධි තියෙනව. එත් සැමදා පවතින කලා නිර්මාණයක් කරන්න තියෙන්නෙ එකම එක විදියයි. ඒ තමන්ගෙ කලාව එක්ක තියෙන භාවිතාව වඩ වඩා ගැඹුරු කරගන්න එක, එයට තියෙන ආශාව අත් නොහරින එක, දිගින් දිගටම කලා නිර්මාණ කරන එක.
එකම යුගයක මාර්ග දෙකක ගමන් කරපු ඇන්සල් ඇඩම්ස්ගෙ ඡායාරූපයනුත්, කාතියෙ බෙසාන්ගෙ ඡායාරූපයනුත්, පොදුවෙ අද සැලකෙන්නෙ සමාජයට විශාල දේශපාලනික බලපෑමක් කළ කලා නිර්මාණ ලෙසට. විවිධ ධාරාවන්ට අයත් වුනත් ඒවාට පොදු එක ලක්ෂණයක් තිබෙනව. ඒව කලාත්මක ලෙස ඉතාමත් උසස් ගනයේ නිර්මාණයන්. ඒ නිසාම සෑම යුගයකම මිනිස්සුන්ගෙ සිතුවිලිවලට බලපෑම් කරන්න ඒවට පුළුවන් වෙලා තිබෙනව. කලා කෘතියක් වඩ වඩා කලාත්මක වන විට එය වඩ වඩා දේශපාලනික වෙනව.
ඇන්සල්  ඇඩම්ස්ගේ ඡායාරූපයක්
“අපට තේරුම් කරන්න ගැඹුරු දෙයක් තියනව. ඒ තමා මනුශ්‍යත්වය කරා අපසු යෑම. ස්වාභාවික දේ ගැන, අහස ගැන, කදු වැටි ගැන යම් ආකාරයක සමබර දැක්මක් අත් කර ගන්න එක. අපට ජීවත් වීමට, දෑතට ගැනීමට පොළව බිඳක් අවශ්‍යයි. සමහරවිට ඡායාරූපකරණයට එය කල හැකි වේවි. මගේ උත්සාහය ඒකයි.” ඇන්සල් ඇඩම්ස් එයාගෙ ඡායාරූපකරණය ගැන එසේ පවසනව.
ලංකාවේ තරුණ ඡායාරූප ශිල්පීන්, ශිල්පිණියන් රාශියකගෙ නිර්මාණ අන්තර්ජාලය හරහා අප දකිමින් සිටිනව. මේවායින් බොහොමයක් ස්වභාවධර්මය ගැන ඡායාරූපයන්. එකම ඉර සිය විදියකට ගනිමින්, එකම සමනළයා කෝණ සියයකින් ගනිමින් කරන මේ විකාරය මොකක්ද කියල අපට සමහර විටක හිතෙනව. අප හැමදාම දකින දේ තුළ ඔවුන් මෙතරම් මේ සොයන්නෙ මොනවද. මේ වගේ කාලයක කරන්න වෙන වැදගත් වැඩ නැත්ද? ඒත් කලාවට කොහෙද කෙටි මාවත්?  කලා කරුවන්ගෙන් කලා නිර්මාණ බලෙන් ගන්න යන එක රත්තරන් බිත්තර ගන්න යනව වගේ වැඩක්. අපූර්ව කලා නිර්මාණ බිහිවන්නෙ එය නිර්මාණය කරන කලාකරුවාත් පුදුමයට පත්කරමින්. ඒ මොහොත වෙනකම් අපි බලා ඉමු.
ජීවන කාච
ඇන්සල් ඇඩම්ස් ගැන විස්තර ගත්තෙ රික් බර්න්ස් අධ්‍යක්ෂණය කල “ඇන්සල් ඇඩම්ස්” වාර්තා චිත‍්‍රපටයෙන් – 2004
තීරණාත්මක නිමේශය- හෙන්රි කාතියේ බ්‍රෙසන්
ඩෙනිස් හොපර් තමන්ගේ සිනමා දිවිය ආරම්භ කරන ලද්දේ වසර විස්සේදී “රිබෙල්  විතවුට් අ කෝස්” නැමති චිත‍්‍රපටයයෙහි රගපෑමෙනි.ඔහු චිත‍්‍රපට ගනනාවක්  අධ්‍යක්ෂණය කර ඇත. 1969 දී සම්මානයට පාත‍්‍ර වූ “ඊසි රයිඩර්” චිත‍්‍රපටයත්,  1988 වසරේදී තිරගත වුනු “කලර්ස්” චිත‍්‍රපටයත් ඒ අතරින් කිහිපයකි. ඔහු 2010/05/29  දින මියගිය අතර ඒවන විට ඔහුගේ වයස වසර 74ක් විය. මේ ලිපිය ඔහු  කලා ක්ෂේත‍්‍රය වෙත කරනු ලැබූ දායකත්වය සිහිකිරීම වෙනුවෙන් පළ කිරීමට අපි  අදහස් කලෙමු.
හෙන්රි කාතියේ බ්‍රෙසන් ගැන ඩෙනිස් හෝපර්…….
1995 වසරේදී මම දෙවැනි වසරෙ උපාධි අපේක්ෂකයෙක්. ඒ කාලයේ මම පදික වේදිකාවල සෑදී තිබුණු ඉරි තැලීම් හා මඟ දෙපස තාප්ප වල සමීප දර්ශන ජායාරූපයට නගමින් සිටියෙමි. මම නිරන්තර නිර්මාණකරනයේ යෙදුන කෙනෙක්. චිත‍්‍ර ඇදීම, මූර්ති නිර්මාණය, ඡායාරූප ගැනීම, මේ සියල්ල මම එක් දෙයක් ලෙසට සැලකුවෙමි. කවුරුන්හෝ මට හෙන්රි කාතියේ බ්‍රෙසන්ගේ “තීරණාත්මක නිමේශය” පොතෙහි පිටපතක් දුන් අතර එම පොත විසින් මාවත් මගේඡායාරූපකරණයත් වෙනස් කරනු ලැබීය. මම මින් පසු ඒ පොතෙහි තිබූ ආකාරයේ ඡායාරූපයන් ගැනීමට පටන් ගත්තා යැයි මම නොකියමි. නමුත් එය ඡායාරූපකරණය පිළිබඳ මා සතුව පැවති සංකල්පය වෙනස් කලේය. අප ඡායාරූපගත කිරීමට යන වස්තුව ඡායාරූපයට නැගිය හැකි තනි නිෂ්චිත මොහොතක් තිබෙනවා යන අදහස මෙම සංකල්පයයි. කාතියේ බ්‍රෙසන් මෙම අදහස “තීරණාත්මක නිමේශය” ලෙස හඳුන්වයි.
එම පොතෙහි මා නැවත නැවත බැලීමට පෙළඔවූ ඡායාරූපය මෙයයි. මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු දෙය වූයේ එහි සංකලණයයි. මෙම මිනිසුන් ස්ථානගත වී ඇති ආකාරය දෙස බලන්න. ඡායාරූපය මැද සිටින පුද්ගලය, ඔහු ගේ අත් දෙක තිබෙන තැන. ඔහුගේ දකුණු පසින් සිටින කාන්තාව, ඇගේ අත් ඉහලට එසවී ඇති ආකාරය, ඇය කුකුල් මස් කැබැල්ලක් වැනි දෙයක් ගලවන ආකාරය. මැද සිටින පුද්ගලයාගේ වම් පැත්තෙහි හිඳ ගෙන සිටින කාන්තාව, ඇගේ අත් ඉහලට එසවී ඇති ආකාරය. ඇය බොහෝ විට මස් කෑල්ල සැපුවා හෝ සපන්නට යනවා විය හැක. වයින් වක්කරන පුද්ගලය, ඔහු හිඳගෙන සිටින ආකාරය, සහ ඔහුගේ මුහුණ යන්තමට අපට මදක් පෙනෙන සේ හැරී ඇති ආකාරය. මෙහි වඩාත්ම ආශ්චර්යමත් දෙය තමයි මේ සියළු දේම එතැන තිබෙන එක.
ඔබට ඇත්ත වශයෙන්ම මේ සියළු දේ සංකලණය කල නොහැකියි. එය කර ඇත්තේ වම් පස සිටින පුද්ගලයාගේ උරහිස යාන්තමින් රාමුවේ දාරයට වන්නට තිබීම සහ රාමුවේ පහල කෙලවර මත ඔහු හිඳ ගෙන සිටින ආකාරයෙනුයි. හෙන්රි කාතියේ බ්‍රෙසන් තමන්ගේ ඡායාරූපයන් කපා සකස් නොකරන බව අප මතක තබා ගත යුතුයි. මේ ඡායාරූපය රාමුගතකර ඇති ආකාරය විශිෂ්ඨ වන්නේ එම නිසයි.
කාතියේ බ්‍රෙසන් නිතරම සිත්ගන්නා සුළු සංකළණයක් සොයාගන්නා ආකාරය මාහට තේරුම් ගත හැකිය. ඔහු එය කරනු ඇත්තේ තමන්ගේ කැමරාව සවිකර තමන් අපේක්ෂා කරන සංකළණ අවකාශය තුළ යමක් සිදුවෙන තෙක් බලා ගෙන සිටීම මගිනි. මෙයින් අදහස් කරන්නේ ඔහු රහසින් හැසිරෙන බව නොවෙයි. එයින් අදහස් කරන්නේ ඔහු ඡායාරූප ගැනීමේදී ඉතාම සැහැල්ලූවෙන් කටයුතු කරන බවත් ඡායාරූපගත කරන සිදුවීමට කිසිම විටක මැදිහත් නොවන බවත්ය. ඔහු කවදාවත් මුනිසුන්ට ඡායාරූපයකට පෙනීසිටින ලෙස පැවසුවේ නැත. “මේක කරන්න” “අරක කරන්න” ” ඔබට මඳක් මේ පැත්තට හැරෙන්න පුළුවන්ද?” “ඔබට මඳක් අර පැත්තට හැරෙන්න පුළුවන්ද?” ඡායාරූප ශිල්පියෙකුට වෙනත් කෝණයක් අවශ්‍ය වූ විටක දෙවියන්ගේ නාමයෙන් ඔවුන් කල යුත්තේ තමන් සිටින තැන වෙනස් කිරීමයි. “ඔවුන් එහාට මෙහාට වෙනව වෙනුවට මොන මගුලකටද මගෙන් අහන්නේ එහාට වෙන්න පුළුවන්ද? මෙහාට වෙන්න පුළුවන්ද කියල?”
1961 සිට 1967 දක්වා වසර ගනනාවක් පුරා මම කොහේ හෝ යන විට කැමරාවක් රුගෙන යාමට පුරුදුව සිටියෙමි. නමුත් මා දැන් ඒ දේ නොකරන බැවින් මා ඡායාරූප ශිල්පියෙක් යන බව මා හට නොහැගේ. මම ‘ඊසි රයිඩර්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීම ආරම්භ කල පසු ඡායාරූප ගැනීම මම නතර කලෙමි. මට ලියන එක, රඟපාන එක, අධ්‍යක්ෂණය කරන එක අතර කැමරාවක් රුගෙන යාම කල නොහැක. ඇත්තවශයෙන්ම මට ඒ දේ කිරීමට අපහසුය. මම කැමරාව නැතිකර ගත හැක.තමයි මාගේ ඡායාරූපකරණය අවසන් වූයේ මේ ආකාරයටය.  තවත් අතකට සිනමා කැමරාවක් භාවිතා කරනව යනු එක්තරා ආකාරයකින් ඡායාරූපකරණයේ යෙදීමකිි. මා ඡායාරූප ගැනීම නතර කර තිබෙනවා වූවත් මම තවමත් අවට ලෝකයේ සංකලණය දෙස බලමි. ඇත්තවශයෙන්ම සිදුවී ඇත්තේ මා තවත් කලාපයකට මාරු වීම පමණකි.
“තීරණාත්මක නිමේශයන්” කියන අදහස රගපෑම සමග බොහෝ සම්බන්ධ කම් ඇති බව ඔබට පෙනෙනු ඇත. එය ස්ට‍්‍රාස්බර්ග් හෝ ස්ටැනිස්ලාවුස්කි කියන දෙයට සමානය. එනම් මොහොතකින් පසු මොහොතක් ලෙස යථාර්ථය පවතිනවා යන අදහසයි. ඔබට මීලග මෙහොත පිළිබඳ පෙර සැකසුණු අදහසක් නොමැත. ඔබ මේ සිටින මොහොත තුළ ජීවත්වනවා පමණි. මම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන විට යමක් හදිසියෙන් සිදුවූවොත් එය මා හට ප‍්‍රයොජනවත් විය හැකි බව මම දනිමි. ශෝන් කෝටියේ පැවසූ දෙයක් මා හට සිතට නැගේ. ” නිර්මාණයන්ගෙන් සියයට අනූ අටක් අහම්බයක්. සියයට එකක් බුද්ධිමත් භාවය සහ සියයට එකක් තාර්කිකත්වය.” සියල්ල රඳා පවතිනුයේ අහම්බය තමන් ප‍්‍රයෝජනයට ගන්නේ කොහොමඳ යන්න ඉගෙන ගැනීම මතය.
නමුත් මෙම ඡායාරූපය වෙනස්ය. එය අහම්බයක් නොවේ. මෙම ඡායාරූපයෙන් අදහස් කරන්නේ කුමක්දැයි මම නොදනිමි. නුමුත් මා යම් විශිෂ්ඨ දෙයක් දෙස බලමින් සිටින බව මම දනිමි. කාතියේ බ්‍රෙසන්ට අනුව මෙවන් උත්සාහය දැරීම, එතැනට ගමන් කිරීම,  තමන් තවත් මෙහොතකින් මැදිහත් වීමට නියමිත ඒ මිනිසුන්ගේ ජීවිත අසලට ගමන් කිරීම, ඇත්තෙන්ම විස්මයජනක අත්දැකීමකි. මේ සියළු දේ එක් වචනකින් ඔහු තේරුම් කරයි. “තීරණාත්මක නිමේෂය” ඇත්ත වශයෙන්ම එය තීරණාත්මක නිමේෂයකි.
පහත දැක්වෙන පොතෙහි ලිපියක පරිවර්තනයකි
Heiferman, Marvin. Kismaric, Carole. Talking Pictures:People  Speak About the Photographs That Speak to Them. San  Francisco:Chronicle Books, 1994.
පරිවර්තනය-ජීවන කාච
හෙන්රි කාතියේ බ්‍රෙසන්
හෙන්රි කාතියේ බ්‍රෙසන් ප‍්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක්, හා චිත‍්‍ර  ශිල්පියෙකි. කේම්බි‍්‍රජ් සරසවියෙ චිත‍්‍ර කලාව හා දර්ශනය හැදෑරු බ්‍රෙසන්  1937 වසරේ ස්පාඥයේ දී වාර්තා චිත‍්‍රපට නිර්මාණකරනය ආරම්භ  කලේය. 1940 වසරේ  ජර්මනියේ යුධ සිරකරුවකු බවට පත්වු බ්‍රෙසන් 1943 වසරේදී එතැනින් පැන යාමට  සමත් විය. ඉන්පසු ප‍්‍රංශය නිදහස් කර ගැනීමේ රහස් විරොධතා ව්‍යාපාරයට එක්ව  සටන් කල ඔහු යුද්ධයෙන් පසු ඡායාරූපකරණය වෙත පිවිසියේය. ඡායාරූපකරණ  ක්ශේත‍්‍රයේ ඇවැන්තයෙක් ලෙස සැලකෙන බ්‍රෙසන් සුප‍්‍රකට “මැග්නම්” ඡායාරූප  කණ්ඩායමේ නිර්මාතෘ කෙනෙක් වේ. මෙ ඔහුගේ ප‍්‍රකට ඡායාරූප අතරින්  කිහිපයකි.
<embed src='http://widget-37.slide.com/widgets/slideticker.swf' type='application/x-shockwave-flash' quality='high' scale='noscale' salign='l' wmode='transparent' flashvars='site=widget-37.slide.com&channel=2810246167514033719&cy=wp&il=1' width='426' height='320' name='flashticker' align='middle' />
කතාකරන ඡායාරූප – ඉසබෙල් අයන්ඬේ
මඩ අතර සිරවුණු ඔමයිරා සැන්චේස් දින තුනකට පසු
ඡායාරූපය-ෆ්රූන්ක් ෆෝර්නියර්
අපි ගොඩක් වෙලාවට අහල තියෙන්නෙ මිනිස්සුන්ගේ ජීවිත වෙනස් කරපු, ඒ අයට ගොඩාක් බලපාපු පොත් ගැන, චිත‍්‍රපටි ගැන, එහෙමත් නැත්නම් ගීත ගැන. ඡායාරූපයකටත් මිනිසෙක්ගෙ ජීවිතය වෙනස් කරන්න පුළුවන්ද? ඡායාරූපකරණය කියන්නෙත් ඒ වගේම අපගේ ජීවිතයට බලපෑම් කල හැකි කලාවක්ද? මේකට උත්තර සොයන්න තියෙන හොදම විදිය තමයි ඒ වගේ අත්දැකීමක් විදල තිබෙන කෙනෙක්ගෙන්ම  මේ ගැන අහන එක. ඉතින් මේ ඒ වගේ අත්දැකීමක් ගැන කතාකරන්නේ චිලියානු ජාතික ලේඛිකාවක් වන ඉසබෙල් අයන්ඬේ.
කතාකරන ඡායාරූප
මුළින්ම මම ඔමයිරා සැන්චෙස්ගේ රූපය දැක්කේ රූපවාහිණියෙන්. ඇගේ මුහුණ මට කොහොමටවත් අමතක කරන්න බැරිවුනා. මට හිතුනෙම ඇය මා දිහා බලාගෙන ඉන්නව කියලයි. ඒ 1985 වසර. ඒ කාලය මගේ ජීවිතයේ අමාරුම කාලයක්. එකින් එක රුකියාවට මාරුවෙමින්, ලේඛිකාවක් වෙනවාද නැත්ද යන්න සිතමින් තමයි මම ඒ කාලයේ සිටියේ. මේ වෙනකොටත් මම එක් පොතක් ප‍්‍රකාශනයට පත් කරල තිබුන. ඒ වගේම දෙවන පොතත්  ලියල අවසන් කරල තිබුන. ලේඛිකාවක් විදියට ජීවිතයක් ගොඩනගාගන්න පුළුවන් වෙයි කියල මම විශ්වාස කලේ නැහැ. මගේ විවාහයත් එතරම් සාර්ථකව නෙමෙයි පැවතුනේ. මගේ ළමයිනුත් මගෙන් ඈත් වෙමින් පාසැල් යාමට පටන් ගනිමිනුයි  සිටියේ.
ඉතින්, ඒ කාලය මගේ ජීවිතයේ අමුතුම කාලයක්. තීරණාත්මක කාල පරිච්ඡේදයක්. මේවන කොට මම මගේ රටින් පිටුවහල් වී ඇවිල්ල වසර ගනනක් ගතවෙල.  ඒ වනවිටත් වෙනිසියුලාවෙන් වෙනත් රටකට යන්න මම සිතමින් සිටිය. සමහරවිට මෙක්සිකෝවට. මොකද මට චිලී වලට යන්න හැකියාවක් තිබුනේ නැහැ. මේවගේ කාලවල් කියන්නේ තමන්ට තමන්ගේ ජීවිතය ගැන ගොඩක් ආත්මාණුකම්පාවක් දැනෙන කාලවල්. මේ කාලයේම තමයි  ගිනිකන්ද පිපුරුනේ. ඒ වගේම මේ ගැහැණු ළමය මගේ ජීවිතයට පිවිසුනේ.
මේ වෙනකොට වෙනිසියුලාව තුළ කොලොම්බියානු ජාතිකයින් මිලියනයක් පමණ ජීවත් වෙමින් සිටිය. ඒ ගොඩක් අය පැමිණියේ ඔමයිරාගේ ගම් පලාතෙන්. ගිනිකන්ද පිපුරුනාට පස්සේ හිම දියවෙලා වතුරයි, මඩයි, ගලුයි ගංගාවක් වගේ ඔමයිරාගේ ගමට ගලාගෙන ආව. මේ ඛේදවාචකය ලෝකයේ ජනමාධ්‍ය විශාල සංඛාවකින් වාර්තා කලා. ඇගේ රූපය ඡායාරූපයක් විදියට ලෝකය පුරා ප‍්‍රචාරය කරන්න තාක්ෂණයක් එදා තිබුණ. එත් ඇගේ ජීවිතය බේරාගන්න තාක්ෂණයක් තිබුනෙ නැහැ. ගලාගෙන ආපු මඩ ඇතුලෙ දින හතරක් සිරවෙල හිටපු ඇය අවසානයේ මියගියා.
මේ ඡායාරූපය දිහා බලනකොට ඇගේ ඇස් දෙක මගේ දිහාට තදබල විදියට යොමු වෙලා තියෙන බව මට හිතුන. එයාගේ  කළු පැහැති, පිරුණු. ආමන්ඩ් හැඩයක් ඇති ඇස් දෙකෙන් මතුවුනු බැල්මෙන්  ඉවසීම, දරාගෙන සිටීම,  නොනැසී සිටීම යන්නෙහි සැබෑ අරුත  මම තේරුම් ගත්ත. මේ මොහොතින් පස්සේ තමන් ගැනම සිතමින් ඉන්න එක මම නතර කලා. මම ඇගේ ඡායාරූපය  සගරාවෙන් ඉරාගෙන මගෙ ලගම තබාගත්ත.
ඉසබෙල් අයන්ඬේ
ඇය චිලී රටෙහි උපන් ලේඛිකාවකි. එමෙන්ම ඇය 1973 වසරේදී ඇමෙරිකානු ඔත්තු සේවාවෙහි අධාර මත කුමන්ත‍්‍රණයකින් බලයෙන් පහ කෙරුනු චිලියානු ජනාධිපති සැල්දොර් ඇලන්ඬේගේ දියනිය. ඔහු එම කුමන්ත‍්‍රණය අවස්ථාවේ මියගියා.
මේ සිදුවීමෙන් වසර පහකට පස්සේ මම ඇමෙරිකාවට පැමිණිය.  ඒ වනවිට මට කෙටි කතා එකතුවක් ලියන්න අවශ්‍ය වෙලා තිබුන. ඒ කෙටිකතා පොතේ ඔමයිරාගේ කතාව වඩාත්ම වැදගත් කෙටිකතාව වන බව මම දැනගෙන  සිටිය. මම ඇය ගැන එක් කතාවල් ලියන්න ගත්ත. ඒත් අවසානයේ ඒක සම්පූර්ණ පොතක්ම බවට පත්වුනා. ඒ පොතේ නම “ඊවා ලූනාගේ කතාන්දර”.
සාමාන්‍යයෙන් මම කෙටිකතා ලියන කොට ඒ සදහා උත්සාහ කරන්නේ එක් වතාවයි. මොකද කෙටි කතාවල් තියන්නෙ ඇපල් ගෙඩි වගෙයි. ඒවා ගෙදරට එන්නෙ හරිම නැවුම් විදියට. අපි කතාවක්  ඕනෑවට වඩා සකස් කරන්න යත්දී ඒ නැවුම් බව අහිමි වෙලා යනව. තමන්, තමන්ගේ මුළු කතාවම පළවෙනි වාඛ්‍යය තුළින් ශක්තිමත්ව සම්පූර්ණයෙන් ග‍්‍රහණය කරගත යුතුයි. ඒත් මගේ සිතේ  හොල්මන් කරමින් තිබුනු ඔමයිරාගේ මතකය මත  මම ඇගේ කතාව කිහිප වතාවක්ම ලිවුවා. පොත ලියල අවසන් වුනාට පස්සේ මම හිතුව දැන් ඇයත් සමග මගේ තිබුනු සම්බන්ධය මම අවසන් කළා කරා කියල. මම මගේ ලග තිබුනු ඇයගේ ඡායාරූපය අයින් කරන්න හැදුව. ඒත් ඇය ආයෙත් ඇවිල්ල.  මේ ව්‍යාපෘතිය ඇයව නැවත මා වෙතට රැගෙන ඇවිල්ලා.  ඒ වගේම මගේ ජීවිතයෙ සිදුවූ ඛේදවාචකයක් විසින් ඇය මා වෙත නැවත රැගෙන ඇවිල්ල.
1985 වසරෙදී මේ ඡායාරූපය මම දකින කොට කවදාවත් මේ වගේ දෙයක් මගේ ළමයෙකුට වෙන්නෙ නැතිවෙයි කියල මම හිතුව. ඒත් දැන් මගේ ළග ඉන්නව දරුණු විදියට රෝගාතුර වූ දියණියක්. ඇය සමහරවිට මියයා හැකියි. මඩ ගොඩක හිරවෙලා දුක්විදපු ඔමයිරා වගේම තමන්ගේ අක‍්‍රිය වුනු සිරුර ඇතුලෙ අද මගේ දියණිය සිරවෙලයි ඉන්නේ. මම අවුරුදු දෙකක් පුරා ඇගේ  ඇද ලගට වෙලා බලාගෙන ඉන්නව. මේ මුළු කාලයේදීම ඔමයිරා මාව අත්හැරල ගියේ නැහැ. ඇය  ඒ මුළු වෙලාවෙම මගේ ළගට වෙලා සිටිය. එදා ඇය මා වෙත රුගෙන ආ පණිවිඩයම අදත් ඇය මා වෙත රුගෙන එනව: දරාගැනීම හා ආදරය, ඒ වගේම, ඛේදවාචකයන් හා මරණයන් බාරගැනීම.
මේ ඡායාරූපය දැකපු මුල් වතාවෙ මම හිතුවෙ ඇය උදවු ඉල්ලමින් ඉන්නව කියලයි. ඒ ත්,  ආයෙත් මම හිතුව  “නැහැ, ඇය තවම මිය ගිහින් නැහැ, ඇය තවමත් ජීවතුන් අතර කියල”. ජීවිතය කියන්නේ මොනතරම් ඉක්මනට බිදිල යා හැකි දෙයැක්දැයි ඇය මට මතක් කරල දෙනව. ඇයගෙන් දිස්වන්නෙ කෙතරම් ධෛර්යයක්ද? ඇය කිසිවිටකත් උදවුවක් ඇයැද සිටියේ නැහැ. කිසිම  පැමිණිල්ලක් කලේ නැහැ.
මේ වසර ගනනාව පුරාම මම ඇය හා ලෙන්ගතුව සිටිය. මම ඇය හා අනන්‍යව සිටිය. එක් අතකට මම කියන්නෙ ඇයයි. ඇය මා තුළ සිටිනව. අපි දෙන්නා අතර කුමක්දො සම්බන්ධයක් තිබෙනව. ඒ හැගීම හරිම අමුතුයි. ඇය මා  තුළ හොල්මන් කරන අවතාරයක්. එයා මඩ ඇතුලෙ සිරවෙලා  සිටියදී එයාට සිතුනෙ මොනවද කියන එක මම හැමදාම හිතුව. ඇත්තටම මම හිතන්නේ නැහැ ඇය මොනවත් සිතමින් ඉන්නව කියල. ඇයට දැනෙනව විතරයි. ඇගේ නිවස  කඩා වැටුනට පස්සේ ලෑලි දෙකකටයි, ඇගේ මියගිය සහෝදරයින්ගේ සිරුරු වලටයි ඇය සිරවෙල සිටපු බව පසුව වාර්තා වෙලා තිබ්බ. ඇගේ සිරුරට දැනුනෙ  සීතල, බිය, සහ ආතතියයි. ඡායාරූපය බලත්දී, ඇය මඩ ඇතුලෙ හිරවෙලා ඉන්නෙ ගොඩක් වෙදනාවෙන් සහ අපහසුවෙන් කියල තේරෙනව. ඒත් බලන්න ඇගේ අත් දෙක දිහා, ඒවා තවමත් කෙතරම් ලස්සනද?
ඡායාරූපවල වැදගත්කම තමයි කිසිම වචනයකට කරන්න බැරි දේ ඒවට කරන්න පුළුවන් වෙන එක. මම කල්පනා කරන්නේ රූප වලින්. මට මතක් වෙනව මගේ අතීතය රූප විදියට. මගේ ජීවිතයේ මුල් කාලයේ මතකයන්, මගේ තාත්තා ගැන මගේ ඇති එකම මතක සටහණ. එතකොට මගේ වයස අවුරුදු දෙකයි. මගේ තාත්තයි මමයි ලීමා වල තිබුනු අපේ ගෙදර පඩිපෙලේ හිටගෙන ඉන්නව මට පේනව. එහෙ තමයි මම ඉපදුනේ. මට පේනව එයාගේ කකුල්. එයාගේ සපත්තු. ඊට පස්සේ කළු පාට, සුදු පාට, පාට දෙකකින් සපත්තු පැළද  ගත් මිනිස්සු. ඒ වගේම මට මතකයි මගේ සහෝදරයව. එතකොට එයාට තවම ඇවිද ගන්නත් බැහැ. එයා ඇදගෙන ඉන්නේ කළු කලිසමකුයි, සුදු සපත්තුයි. එත් එක්කම, එකපාරටම එයා වැටෙනව මට පේනව. ඊට පස්සේ ලේ ගොඩාක්. ලේ වලින් තෙත් වුනු මගේ  පියාගේ කලිසමෙ රූපය තවම මට පෙනෙනව.
ඔමයිරා මට උගැන්වූයේ ජීවිතය හා මරණය පිළිබද පාඩමක්. මම ඇගෙන් ඉගෙනගත් දේ හා  ඇය මට උගැන්වූ දේ හරිම සංකීර්ණයි. මේ ඡායාරූපය දෙස නැවත නැවත බලන සෑම  විටකම ඒ තුළින් අළුත් දේවල් මතු වෙනව. ඇය ඉන්නේ තනියෙන්. ඇගේ පවුලේ කවුරුත්  ඇය අසල නැහැ. ඒ ගොල්ලන් එලියට ගිහිල්ල ද ?, එහෙමත් නැත්නම් පැන ගිහිල්ල ද ?,  මම දන්නෙ නැහැ. ඇය සමීපයෙ හිටපු එකම අය තමයි ඡායාරූප ශිල්පීන්. ඒ වගේම  රතුකුරුස සංවිධානයෙන් ආපු අය. ඒ සැමෝම, ඇය අදුනන්නේ නැති අය. ඇය මිය ගියේ  තනියම. මගේ දියනිය මම වැළදගෙන ඉන්න විදියටම මට ඇයවත් වැළදගෙන ඉන්න එතනට  යන්න පුළුවන් වුනානම්..
බටහිර සංස්කෘතියෙන් අපිට හැම වෙලාවෙම සිතන්නට බලකරන්නෙ මොනවද? එයින් බලකරන්නේ දුප්පත්කම, මරණය, ලෙඩරෝග, හා අසාර්ථකත්වයන් වගේ පාලනය කල නොහැකි ඕනෑම දෙයක් නොතකා හරින්න කියලයි. ඒ වගේම, එවැනි වෙනස්කල නොහැකි යැයි සිතෙන ඕනෑම දෙයක් නොතකා හරින්න කියලයි. ඒත්, තමන්ගේ ජීවිතයේ සතුටට වඩා වේදනාව බෙදාහදාගන්නා මිනිසුන් ජීවත් වන, ලෝකයේ ඉතිරි කොටසේ තත්වය මේක නෙමෙයි. මොකද, මේ කලාපයේ මිනිසුන්ට බොහෝ විට සතුටට වඩා වේදනාව හමුවන අවස්ථාවන් වැඩියි. මරණය තුළ බිය වීමට හෝ පුදුම වීමට කිසිම දෙයක් නැහැ.
මේ ඡායාරූපය බලන්න. ඒකේ ඔමයිරා ඉන්නේ බියෙන් නෙමෙයි. ඇගේ ජීවිත කාලයේදී ඕනෑ තරම් මරණයන් ඇය දැක තිබීම ඒකට හේතුව වෙන්න ඇති.  ඇගේ ජීවිතය පුරාවටම ඇය ඉදල තියෙන්නේ දුප්පත් කමින්. ලෝකයේ  ජීවත් වන අනෙකුත් සෑම දුප්පත් මිනිසෙක්ම වගේම ඇයත්  ජීවිත කාලය පුරා මරණය සමග අත්වැල් බැදගෙන පා නගන්න ඇති. තමන් සැමදාම ජීවත් වන බව සිතන්නේ සැපසම්පත් පිරුණු, වරප‍්‍රසාදිත ලෝකයෙක ජීවත් වන මිනිස්සු පමනයි.
ඇය මිය ගිහින්.
වසර ගනනක් ගතවෙලා වුනත් තාමත් අපි ඇය ගැන කතා කරනව. අපට කවදාවත්ම ඇය මුණගැසිල නැහැ. අප ජීවත් වෙන්නෙ ඇගේ ලෝකයට අනිත් පැත්තේ. ඒත් අප සියල්ලන්ම ඇය විසින් එක් කරල තිබෙනව. මේ ගැහැණු ළමය, ඇය කවදාවත් මිය යන්නෙ නැහැ.
ඇය කවදාවත්ම මිය යන්නේ නැහැ. ඇය සෑම මොහොතකම නැවත නැවත ඉපදෙනව.
ඉසබෙල් අයන්ඬේ
අනුවර්තනය-ජීවන කාච
පහත දැක්වෙන පොතෙහි ලිපියක අනුවර්තනයකි
Heiferman, Marvin. Kismaric, Carole. Talking Pictures:People Speak About the Photographs That Speak to Them. San Francisco:Chronicle Books, 1994.
ඇගේ ඇසින් ලොව බලන්න – Women and Photography – 3
කාන්තා දිනය පහුවෙලා සති තුනක් ගතවුනා. ඒත් කාන්තාවන් හා ඡායාරූපකරණය ගැන අපේ කතාව තවම ඉවරකරගන්න බැරිවුනා. ඉතිං මේ තමයි ඒ ලිපියේ අවසාන කොටස. අපි මීට කලින් සතියේ පෝස්ට් එකේදි කතාකලේ 60 දශකයේ සිදුවුන විප්ලවය කලා ක්ශේත‍්‍රයටයි ඡායාරූපකරණයටයි බලපෑවෙ කොහොමද කියලයි. අපි මුලින්ම බලමු කාන්තාවන් හා ඡායාරූපකරණය අතර ඇති සම්බන්ධයට 60 දශකයේ සිදුවුනු මේ වෙනස්කම් බලපෑවෙ කොහොමද කියල.
ඡායාරූප ශිල්පිණී ඇන්ජලා ස්ටෙ‍්‍රසීම්ගේ ඡායාරූපයක්
60 දශකය කියන්නෙ කාන්තාවන්ටත් ගොඩක් වැදගත් වුනු දශකයක්. මේ වෙන තෙක් කාන්තාවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් සමාජයේ ලොකු හඩක් තිබුනෙ නැහැ. පිරිමි අය කාන්තාවන්ට තියෙන ප‍්‍රශ්න ගැන දැක්වුයේ අඩු අවධානයක්. අවධානයක් දක්වපු අය පවා කිව්වේ විප්ලවයෙන් පස්සෙ, ජාතික නිදහස දිනාගත්තයින් පස්සේ, සමාජවාදය උදාවුනායින් පස්සෙ කාන්තාවන්ගෙ ප‍්‍රශ්න විසදල දෙන්නම් වගේ කතාවන්. එත් මේවගේ අරගල දිනපු තැන් වල කවුරුත් මේ පොරොන්දු මේවන තෙක් ඉටු කරල තිබුනෙ නැහැ. ඒව ඔක්කොම දෙන්නම් කාසි ගනයට තමා අයිති වෙලා තිබුනෙ. ඉතින් මේ හේතුව නිසා 60 දශකයේදී කාන්තාවෝ ම තමන්ගේ ප‍්‍රශ්න පිළිබඳව සංවිධානය වෙල අරගල කරන්න පටන් ගන්නව. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසට 70 දශකය මුල භාගය වෙත්දී කාන්තාවන්ට පුළුවන් වෙනව ශක්තිමත් කාන්තා ව්‍යාපාරයක් නිර්මාණය කරගන්න.
කලා ක්ශේත‍්‍රයේ මෙතෙක් පැවති භාවිතාවන් ගනනාවක් කාන්තාවන්ගේ ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙනව. ඔවුන් මුලින්ම බටහිර කලා ධාරාවන් තූළ කාන්තාව නිරූපණය කරල තිබෙන ආකාරය ප‍්‍රශ්න කරන්න ගන්නව. ඒ අය පෙන්වල දෙනව මෙතෙක් කාලයක් බටහිර කලා ක්ශේත‍්‍රයේ කලා කෘති නිර්මාණය කරල තියෙන්නෙ පිරිමි විතරක් කලා කෘති බලනව කියන අදහස ඇතිව කියල. කලා කෘතිවල ඉන්නෙ කාන්තාවන්. බලන්නෙ පිරිමි අය. මේක නිසාම මේ කලා කෘති වලින් නිරූපණය කරල තියෙන්නේ පිරිමි අයගේ ආශාවන් හා සිහින වලට ගැලපෙන කාන්තාවන් විතරයි. ඔවුන් බටහිර කලාවේ තියන මෙම ලිංගික වර්ගවාදය ප‍්‍රශ්න කරනව.
ඡායාරූප ශිල්පිණී කොලියර් ෂෝ ගේ ඡායාරූපයක්
ඊට පස්සේ ඒගොල්ලෝ කලා ඉතිහාසය ප‍්‍රශ්න කරන්න ගන්නව. ඒකට හේතුව තමයි මෙතෙක් කාලයක් කලා කශේත‍්‍රයෙ ප‍්‍රධාන කලාකරුවන් ලෙස සැලකුනු සියළු දෙනා පිරිමි අයවීම . කලා ඉතිහාසය කියල සැලකුනේ මෙම දැවැන්ත පිරිමි කලාකරුවන්ගෙ ඉතිහාසයටයි. එක් යුග පුරුශයෙකුට පස්සෙ තවත් යුග පුරුශයෙක් විදියට. මේක ඇත්තක්ද? කලා ඉතිහාසයේ කාන්තාවන් සිටියෙ නැත්ද? එහෙමත් නැත්නම් ඔවුන් ගැන කවුරුත් කතා කලේ නැත්ද? කාන්තා ඉතිහාසවෙදිනියන් මේ පිළිබඳව කරුණු සොයන්නට පටන් ගන්නව. ඔවුන් පැරණි ඉතිහාසයන් පීරමින් මෙතෙක් සැගවී තිබුනු කාන්තා කලාකාරියන් පිළිබඳ තොරතුරු, ඔවුන්ගේ නිර්මාණ පිළිබඳව තොරතුරු ලෝකයට එලි කරනව.
මීට පස්සේ ඔවුන්ගේ අවධානය යොමුවන්නේ කලා කෘති ප‍්‍රදර්ශනය කරන තැන්වල මෙතෙක් පැවති භාවිතාවන් වලට. මේ වෙන තෙක් ප‍්‍රධාන කලාගාරයන්වල, පාසැල් වල හා තවත් කලා කෘති  ප‍්‍රදර්ශනය කරන තැන් වල කාන්තාවන්ගේ කලා නිර්මාණයන්වලට ඉඩක් වෙන්වෙලා තිබුනෙ නැහැ. මේ නිසා මේ යුගයේ ප‍්‍රධාන කලාගාර විසින් සංවිධානය කරන ප‍්‍රදර්ශනයන් වල කාන්තා කලා නිර්මාණයන් දකින්නට තිබුනෙ ඉතාම අඩුවෙන්. මෙම හේතුව නිසා මීට පසුව කලා කෘති ප‍්‍රදර්ශනය කරන ස්ථාන වල කාන්තාවන්ගේ කලා නිර්මාණයන් ප‍්‍රදර්ශනය කිරීම සඳහා ඉඩකඩක් අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට කාන්තාවන් පවසනව.
ගරිල්ලා ගර්ල්ස් කාන්තා සංවිධානයේ පෝස්ටරයක්.
කාන්තාවන් කරන ලද මෙම අරගලයන්ගේ හේතුවෙන් බොහෝ රටවල  කලා අධ්‍යාපනය තුළ සහ කලා ඉතිහාස විශය ධාරාවන් තුළ විශාල වෙනස් කම් සිදුකරන්නට සිදුවෙනව. ඒවගේම කලා කෘති ප‍්‍රදර්ශනය කරන තැන් වලට කාන්තාවන්තේ කලා නිර්මාණයන් වලට ඉඩකඩක් වෙන් කිරීමටත් තමන් සතුව මෙතෙක් පැවති කාන්තාවන්ගේ කලා නිර්මාණයන් මොනවාද යන්න පිළිබඳව නැවත සොයා බලා වාර්තාගත කිරීමටත් කලාගාර වලට සිදුවෙනව. ඒ විතරක් නෙමෙයි මින් පසු කාන්තාවන්ට අපහාස වන ආකාරයෙ කලා ප‍්‍රද්ශනයන් පැවැත්වෙන තැන්වලට විරෝධතාවන් සමාජය තුළින්ම එල්ලවීමටත් පටන් ගැනෙනව.
ඉතින් මෙන්න මේ සිදුවුනු වෙනස්කම් වල බලපෑම ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයටත් එල්ලවෙනව. මොකද ඡායාරූපකරණ ක්ෂේත‍්‍රය තුළත් කාන්තාවන් තිබුනෙ මේවගේම ගැටළු තමයි. එක පැත්තකින් ඡායාරූපකරණය සම්ප‍්‍රධායික කලා ක්ෂේත‍්‍රයෙ කොන් වෙලා තියෙනව වගේම තවත් පැත්තකින් ඡායාරූපකරණ කෂේත‍්‍රය තුළ කාන්තාව කොන් කිරීමට ලක් වෙලා තියෙනව. කතාවක් තියෙනවනේ වහලෙක් උනත් කැමතියි තමන්ටම කියල වහලෙක් තියාගන්න කියල. ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයේ කාන්තාවන්ට තිබුනෙ එවැනි තැනක් තමයි.
මේ නිසා ඡායාරූපකරණයේ ඉතිහාසය තුළ කාන්තාවන්ගේ තැන මොකක්ද කියල කාන්තාවන් සොයන්න පටන් ගන්නව. මේ ව්‍යාපෘතියට උදාහරණ කිහිපයක් දෙන්න පුළුවන්. එකක් තමයි වැල් විලියම්ස් කියන ලේඛිකාව 1900 වසරේ සිට අද දක්වා එංගලන්තයෙ සිටපු කාන්තා ඡායාරූපකරණ ශිල්පිණියන්ගේ සැගවුනු ඉතිහාසය නැවත ලියන එක. මේ පොතේ නම The Other Observers-1900 to the Present. මේ පොතෙන් විලියම්ස් අතීතයේ එංගලන්තයේ ඡායාරූපකරණ ක්ෂේත‍්‍රය තුළ සිටි කාන්තාවන් ගනනාවක් සහ ඔවුන්ගේ ක‍්‍රියාකාරීත්වයන් ගනනාවක් එලි කරනව.
ඡායාරූප ශිල්පිණී එලේන් ඇන්ටින්ගේ නිර්මාණයක්
ඒ වගේම කොන්ස්ටන්ස් සලිවන්ස් කියන ලේඛිකාව මේ ව්‍යාපෘතිය තවදුරටත් ඉදිරියට රුගෙන යමින් ලෝකය පුරාම මෙලෙස සැඟවී ගිය කාන්තා ඡායාරූපකරණ ශිල්පිණියන්ගේ ඉතිහාසය නැවත ලියනව. මේ පොතේ නම Women Photographers. මේ තුළින් අතීතයේ ඡායාරූපකරණ  ක්ශේත‍්‍රයේ යෙදිල සිටියේ වැඩිවශයෙන් පිරිමි අය විතරයි කියන වැරදි අදහස වෙනස් වෙනව.
කාන්තාවන්ගේ අවධානයට ලක්වෙන අනිත් කරුණ තමයි කලාකෘති නැරඹීම සම්බන්ධයෙන් තිබෙන සම්ප‍්‍රධායික අදහස්. මොකද ඡායාරූපකරණයේදී කාන්තාව ඡායාරූපයට නැගෙන කෙනා විදියට තමයි බොහෝ විට සැලකුනේ. කාන්තාව ඡායාරූප නරඹන සක‍්‍රීය සහභාගීවෙන්නෙක් විදියට සැලකුවොත් තත්වය මොනවගේද ?
මෙ ව්‍යාපෘතියේ එක් වැදගත් උත්සාහයක් තමයි සූසන් බට්ලර් විසින් ලියන Shifting Focus කියන පොත. මේ පොතෙන්  එයා මතුකරන ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි කාන්තාවන් ඡායාරූප නරඹන්නට පටන් ගත් විට කුමක් වේවිද? කියන ප‍්‍රශ්නය. කාන්තාවන් ඡායාරූප දෙස බලන්නේ පිරිමි අය ඡායාරූප දෙස බලන විදියටමද? ඒ අයගේ දෘෂ්ඨිකෝණය මොකක්ද? මෙවැනි කරුණු තමයි මේ පොතෙහි සාකච්ඡා වන්නේ.
ඡායාරූප ශිල්පිණී ඇනා ගැස්කල්ගේ ඡායාරූපයක්
මෙවැනි අරගලයන්ගෙ ප‍්‍රතිඵලයක් විදියට අද ලෝකයේ ප‍්‍රධාන ඡායාරූප ප‍්‍රදරශනයන් වල කාන්තාවන්ගේ නිර්මාණ ඇතුල් කරන එක සාමාන්‍ය දෙයක් වෙලයි තියෙන්නේ. ඒ වගේම කාන්තාවන්ට අපහාස වෙන ආකාරයේ නිර්මාණත් කාන්තාවන් පිළිබඳව සමාජයේ පවතින සම්ප‍්‍රධායික මතයන් ශක්තිමත් කරන නිර්මාණත් බොහෝ විට ප‍්‍රශ්න කිරීම් වලට ලක්වෙනව. ඒ වගේම අද ලෝකයේ බොහෝ රටවල ඡායාරූපකරණය වෘර්තීය මට්ටමේන් කරන කාන්තාවන් විශාල ප‍්‍රමාණයක් දකින්නට පුළුවන්.
අපි මෙතෙක් වෙලා කතාකලේ මෙම අරගලයන් වලින් කාන්තාවන්ට ලැබුනු දේවල් ගැනනෙ. ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට කාන්තාවන් පැමිණීම නිසා ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට ලැබුනු දේවල් මොනවාද? ඒකත් හොඳ ප‍්‍රශ්නයක් තමයි. මේ ගැන අදහස් දක්වන විද්වතුන්ට අනුව කාන්තාවන් කරපු මෙම අරගලය කලාගාර තුළ තමන්ට ස්ථානයක් ලබාගන්න ගෙනගිය අරගලයකට වඩා විශාල එකක්. මේ අරගලය ලෝකයේ කලාව පිළිබඳ තිබුනු මූලික භාවිතාවන් හා සංකල්පයන් විශාල වශයෙන් වෙනස් කරන්න සමත් වෙලා තිබෙනව. ඒ වගේම ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට විවිධ මානයන් ගනනාවක් කාන්තාවන් විසින් ඇතුල් කරල තිබෙනව. මේ දේවල් වෙනම කතාකරන්න  ඕන දේවල්.
ඡායාරූප න්‍යායයට විශාල මෙහෙයක් කල සූසන් සොන්ටැග්
ඡායාරූපය – ඇනී ලේබොවිට්ස්
එත් මේවට කෙටි උදාහරණ විදියට එලෙනර් එන්ටින්, සින්ඩි ශර්මන් වැනි සංකල්පීය කලාකාරියන්ගේ නිර්මාණයන්, වාර්තා  ඡායාරූපකරණයේ මෙතෙක් පැවති සීමාවන් පුළුල් කල ටීනා බර්නි, සැලී මාන් වැනි ඡායාරූප ශිල්පිණියන් ගේ නිර්මාණයන්,  ඡායාරූපකරණ න්‍යාය පුළුල්කල සූසන් සොන්ටැග් වැනි න්‍යාය වේදිනියන් ගේ රචනාවන්, සහ වාර්තා ඡායාරූපකරණය සහ සංකලීපීය ඡායාරූපකරණය අතර පාළම් නිර්මාණය කල නිකී ලී, කැතරින් ඔර්පී වගේ අයගේ නිර්මාණයන් පෙන්වා දෙන්න පුළුවන්. මේ ටික දෙනෙක් විතරයි. ඉතිං මෙහෙම බලත්දී කාන්තාවන් ඡායාරූපකරණයට ආව එකෙන් ඡායාරූපකරණ ක්ශේත‍්‍රයට විශාල දේවල් ලැබිල තිබෙනව කියල අපට පිලිගන්න වෙනව . ඕනෑම ක්ෂේත‍්‍රයක් නිර්මාණශීලීව වර්ධනය වෙන්නේ ඒකෙ දොර කවුළු විවර කරල තියන විට මිසක් වසාදාලා තියෙන කොට නෙමෙයිනෙ. අපි හිතන්නේ මේ කාන්තාවනුත් කාන්තා දිනයත් අපට උගන්වන හොඳම  පාඩම ඒකයි.
Candy Cigarette
සම්මානනීය ඡායාරූපශිල්පිණී සැලී මාන්ගේ ආන්දෝලනාත්මක Immediate Family ඡායාරූප එකතුවෙ ඡායාරූපයක්
ඉතින් කාන්තා දිනය සම්බන්ධයෙන් ලියපු පොස්ට් එක අපි නිමාකරන්නයි යන්නේ. මේකෙ වැදගත් කමක් තියේවිද දන්නේ නැහැ. ඒත් ලංකාවේත් ඡායාරූපකරණයේ යෙදිල ඉන්න කාන්තාවන්ට මේවගේ මාතෘකාවක් වැදගත් කියල අපිට හිතුන. ඒ වගේම පිටරට ඡායාරූප ප‍්‍රදර්ශනයන්ට ඡායාරූප ඉදිරිපත් කරන්න සිතාගෙන ඉන්න අයට මේ ඉතිහාසය සමහරවිට ප‍්‍රයෝජනවත් වේවි. මොකද කාන්තාවන් සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්මාණ ඒ වගේ තැන් වල විශේෂ පරීක්ෂාවට භාජනය වෙන නිසා. කොහොමහරි ලංකාවේ ඡායාරූපකරණ ඉතිහාසයේ කාන්තා දායකත්වය ගැන සොයල කාටහරි ලියන්න පුළුවන්නම්  හැමෝටම ගොඩක් වැදගත් වේවි.
ජීවන කාච
විස්තර ලබාගත් පොත් -
Wells, Liz.  Photography: A Critical Introduction.  London:  Routledge, 2009
Fisher, Susan. Role Models:  feminine Identity in Contemporary American Photography. London:Scala, 2008.
කාන්තාව හා ඡායාරූපකරණය -2– Women and Photography
ඔන්න අපි දැන් කාන්තාව හා ඡායාරූපකරණය ගැන අපේ කතාවෙ ඉතුරු කොටස කතාතරන්නයි යන්නෙ.
අපි ගිය සතියෙ කතාකලේ මොනවද කියල ටිකක් මතක් කරගමු. කාන්තාව හා ඡායාරූපකරණය අතර තියන සම්බන්ධය මොකක්ද?, ඡායාරූපකරණයට සම්බන්ධ වෙලා ඉන්න කාන්තාවන් කවුද?, ඒ අයගෙ ඉතිහාසය මොකක්ද?, ඒ අයගෙන් ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට වුනු දායකත්වය මොකක්ද?, ඒ අයගේ ප‍්‍රසිද්ධ නිර්මාණ මොනවාද?, කියන එක තමයි අපි කතා කලේ. ඡායාරූපකරණයෙ ඉතිහාසය අවුස්සල බලත්දි අපි හොයාගත්තා ඡායාරූපකරණය ආරම්භවුනේ යුරෝපයේ කාර්මික විප්ලවය සිදුවුනු කාලේ ඇතිවුනු තාක්ෂණික දියුනුවත් එක්ක කියල. එ වගේම යුරෝපයේ කාන්තාව ගැන තිබුනු පසුගාමී අදහසුත් කාන්තාව හා ඡායාරූපකරණය අතර සම්බන්ධයට බලපෑව බව අපි කතා කලා. මේ අදහස් 60 දශකයේදී වෙනස් වෙන්න පටන් ගන්නවා කියන තැනින් තමයි අපි කතාව නතර කලේ. අද එතැන ඉදල …..
ඡායාරූපය – ලානා ස්ලෙසික්
60 දශකය කියල කියන්නෙ මුළු ලෝකයේම විශාල වෙනස්කම් සිදුවුනු දශකයක්. ඒ කියන්නෙ විප්ලවීය දශකයක්. සමහර විද්වතුන් කියනව ලෝකයේ සැබෑ විප්ලවය සිදුවුනේ මේ කාලයේදී කියල. ප‍්‍රංශයේ සිදුවුනු විප්ලවයට, රුසියාවේ සිදුවුනු විප්ලවයට, වඩා 60 දශකයේ ඇතිවුනු විප්ලවය ලෝකයේ මිනිස්සු සිතන පතන විදිය වෙනස් කරන්න විශාල බලපෑමක් කරා කියල තමයි ඔවුන් කියන්නෙ. ඒත් කලින් විප්ලව වල වැදගත්කමත් අපි අමතක කරන්න හොද නැහැ. කොහොමටත් මුලින් සදහන් කල විප්ලව ගොඩක් යුරෝපීය කලාපයේ සහ යුරෝපයේ සිතුම් පැතුම් මත පදනම් වෙලා ඇතිවුනු විප්ලවයන්. ඒනිසාම, ඒ විප්ලවයන් යුරෝපයේ සංවර්ධනයේම තවත් එක් ඉදිරි පියවරක් විදියට තමයි සැලකෙන්නෙ.
විප්ලවය ගැන කතා කරපු කාල් මාක්ස් කියන චින්තකයා පවා විශ්වාස කලේ යුරෝපයේ තමයි විප්ලව සිදුවෙන්න ඉඩකඩ තියෙන්නෙ  කියල. මොකද, වහල් යුගය, වැඩවසම් යුගය, ධනවාදී යුගය, සමාජවාදී යුගය කියල මානව සමාජය පිළිවෙලට වර්ධනය වෙමින් එන බව තමයි එයා හිතුවෙ. ඒකත් ඉතින් එක පැත්තකින් බැලූවම අපේ රටේ ග‍්‍රීස් ගහේ නගිනව වගේ වැඩක් . යට ඉදං පිලිවෙළට ග‍්‍රීස් අයින් කරන් එන්න  ඕනෙ කොඩිය ගන්නනම්. ඉතින් පල්ලේහා ඉන්න එකාගේ බෙල්ල කඩල ගියත් කරන්න දෙයක් නෑ. කොඩිය ගැන හිතල ඒක අමතක කරන්න වෙනව.
සමාජවාදී විප්ලවයට එනකොට ධනවාදීයුගය අනිවාර්යයෙන් පහුකරල එන්න වෙන නිසා යුරෝපීය ජාතිකයන් යටත්විජිත යුගයෙදී කරපු ගොඩක් විනාශකාරී ක‍්‍රියාවන් දැඩි විදියට විවේචනය කරන්න කාල් මාක්ස්ටත් බැරිවුනා. ඉන්දියාව වගේ රටවල් ගැන කාල් මාක්ස්ගේ ඇනුම අඩු නිසා හේගල් කියන දාර්ශනිකයගේ පෙරදිගට ඉතිහාසයක් නෑ කියන අදහස මාක්ස් විශ්වාස කලා කියල හාර්ඞ් සහ නෙග්රි කියන විද්වත්තුන් දෙන්න කියනව. කොහොමටත් අපිට වගේ මාක්ස්ට ඒ කාලෙ අන්තර්ජාල පහසුකම් තිබ්බෙත් නෑනෙ අවශ්‍ය වුන ගමන් ඉන්දියාව කියල ටයිප් කරල සර්ච් කරල බලන්න. මනුස්සයත් අමාරුවෙන්නෙ ජීවත් වුනේ. එහෙම ඉදල ඔච්චර හරි දෙයක් කරපු එක කොචචර එකක්ද එක පැත්තකින්.
60 දශකයේ සිදුවුනු විප්ලවයෙ වැදගත් දේවල් මොනවද කියල අපි දැන් බලමු. මේ විප්ලවය තනි වසරක හෝ එක රටක සිදුවුනු විප්ලවයක් නෙමෙයි. ඒක රටවල් ගනනාවක් තුළ, වසර ගනනාවක් පුරා ඇදුනු සමාජ අරගල ගනනාවක එකතුවක්. ලංකාවේ පවා 60 දශකය කියන්නේ විප්ලවවාදී අදහස්, සංවාද හා කණ්ඩායම් ගනනාවක් නිර්මාණ වූ දශකයක්. ඒ විතරක්ද? ලංකාවේ ජනප‍්‍රිය සංගීතයේ ආරම්භය සිදු වෙන්නෙත් මේ කාලෙමයි. සුපර් ගෝල්ඩන් චයිම්ස්, ලා බම්බාස්, මූන්ස්ටෝන්ස් ඔක්කොම පටන් ගන්නෙ මේ කාලයෙ.
ක්ලැරන්ස් විජේර්ධන ඇතුළු ගායකයින්
(ඡායාරූපය-නොදනී)
ලෝකය පුරාමත් එහෙමයි. මෙම විප්ලවයෙ බලපෑම් ගොඩක් තිබ්බ. අධිපති යුරෝපීය අදහස් වලට විකල්පව වෙනත් අදහස් පද්ධතීන් ගනනාවක් ඇතිවීම, විවිධ ජීවන ආකාරයන් ගණනාවකට පිළිගැනීම ලැබීම, කළු මිනිස්සුන්, කාන්තාවන්,  වෙනත් ආන්තික ජනකන්ඩායම් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සංවිධානය වී අරගල කිරීම, කළු මිනිස්සුන්ගේ රොක් සංගීතය, ඉන්දියානු සංගීතය, ලතින් ඇමෙරිකානු සංගීතය වැනි සාමාන්‍ය මිනිස්සුන්ගේ විවිධ ජනප‍්‍රිය කලා මාධ්‍යයන්ට පිළිගැනීමක් ලැබීම, යුරෝපීය නොවන රටවල් ගනනාවක  විවිධ ආකාරයේ විප්ලවීය ව්‍යාපාර රාශියක් බිහිවීම මේ දේවල් වලින් කිහිපයක්. කෙටියෙන් කියනවනම් යුරෝපීය නූතනවාදී චින්තන සම්ප‍්‍රදාය අභියෝගයට ලක් කිරීම තමයි මේ විප්ලවයේන් සිදුවුනු ප‍්‍රධාන දේ කියල එම්මෑනුවෙල් වොලන්ස්ටීන් කියන සමාජ විද්‍යාඥය පවසනව.
රවි ශන්කර් 1969 වසරෙ ඇමෙරිකාවෙ වුඩ්ස්ටොක් සංගීත ප‍්‍රසංගයෙදී
(ඡායාරූපය-නොදනී)
කොහොම වුනත් අද 60 දශකය කියල කියත්දි හැමෝටම මතක් වෙන්නේ පොප් සංගීතය, හිපි සංස්කෘතිය, නිදහස් ලිංගිකත්වය වගේ දේවල්. ඒ වගේම මෙම උප සංස්කෘතික ධාරාවන් පස්සේ කාලයක වානිජකරණය වුන නිසා 60 දශකයේ විප්ලවයේ වැදගත් කමත් ඉවරයි කියල සමහරු හිතනව. ඒත් 60 දශකයේ සිදුවුනු විශාල සමාජ විපර්යාසයේ මෙම උපසංස්කෘතීන් කියල කියන්නෙ එක් ධාරාවක් විතරයි.  ඕනෑම සමාජ විප්ලවයක් සිදුවන කාලවල් වල උපසංස්කෘතීන් නිර්මාණය වෙන බවත් පසුව ඒවා වෙනත් දේ බවට පත් වෙන බවත් මේ ගැන අදහස් දක්වන විද්වතුන් පවසනව. රුසියානු විප්ලවය සමයෙත් නිදහස් ආලය වැනි උප සංස්කෘතීක ධාරාවන් ඇති වෙලා තියෙනව. කොහොමටත් 60 දශකයේ ඇතිවුනු විප්ලවය බටහිර දෙයක් විදියට දක්වන එකත්, ඒ කාලයේ ලතින් ඇමරිකාවේ, ආසියාවේ, අප‍්‍රිකාවේ සිදුවුනු දේවල් මකාදමන එකත් අද බහුලව සිදුවෙන දෙයක්.
1962 වසරේ ජයග‍්‍රහනය කල ඇල්ජීරියානු නිදහස් සටන සැමරීමට වසර 40ට පසු පළමුවරට පැමිනෙන ප‍්‍රංශ ජනාධිපති ජාක් ෆිරාක් පිලිගන්නා
ඇල්ජීරියානු ළමයි
(Photo by Pascal Le Segretain/Getty Images)
ඉතින් මෙහෙම ගියොත් මෙකත් මැක්කගෙ කතාව වගේ වෙනව. ඒක හින්ද අපි ආයෙක් යමු ඡායාරූපකරනය පැතතට. 60 දශකයේ සිදුවුනු විප්ලවය ඡායාරූපකරනයට බලපෑවෙ කොහොමද? ඡායාරූපකරණය යුරෝපයේ ආරම්භ වුනු නිසාම එ්කාලයේ යුරෝපයෙ තිබුනු සමාජ ආකල්පත් ඡායාරූපකරණයට ඇතුල් වෙනව කියල අපි පළවෙනි පෝස්ට් එකේදි කිව්වනෙ. ඉතින් 60 දශකයේදී යුරෝපයේ අධිපති අදහස් වලට අභියෝගය එල්ල වෙත්දී ඡායාරූපකරණට ඇතුළුවුනු මෙම සමාජ ආකල්පයනුත් අභියෝගයට ලක්වීම අනිවාර්යයක්.
ඡායාරූපකරණය කියන්නෙ මුල්කාලයෙ ඉදල කොහොමටත් දෙකේ පන්තියට දාලා තිබ්බ කලාවක්නෙ. ඡායාරූපකරණය ආරම්භවුන කාලයේ පටන් ඡායාරූප නිර්මාණකරනයේ යෙදුන අය චිත‍්‍ර කාලාවේදී වගේම විවිධ විධික‍්‍රමයන් පාවිච්චි කලා. විත‍්‍රකලාවේ තිබුනු සංකලණය, රාමුගත කිරීම, පර්යාවලෝකණය වගේ තාක්ෂණික ගුණාංගයනුත් භූමි දර්ශන, ආලේඛන, ප‍්‍රභේදන දර්ශන වගේ විවිධ විශය පථයනුත් ඡායාරූපකණය තුළ මුල ඉදලම තිබුන. ඒත් චිත‍්‍ර කලාවේ ආධිපත්‍යයට ලංවෙන්නවත් හැකියාවක් ඡායාරූපකරණයට තිබුනෙ නැහැ.
ඔයාට තියෙන්නෙ ක්ලික් කරන්න විතරයි, ඉතිරි ටික ඔක්කොම අපි කරන්නම් කියල ආපු මුල්ම කොඩැක් කැමරා හැමෝම පාවිච්චි කරන්න ගත්තම ඒක කලාවක් වෙන්නෙ කොහොමද? මේක තමයි ඡායාරූපකරණය ගැන තිබුනු අදහස. මේ නිසා ගොඩක් අය ඡායාරූපකරණය චිත‍්‍ර කලාව වගේ සම්භාව්‍ය කලාවන්ගේ ගණයට අයිති කලාවක් කියල සැලකුවෙ නෑ. ඒත් 60 දශකයේ සම්භාව්‍ය යුරෝපීය කලාවන්ගේ ආධිපත්‍යය අභියෝගයට ලක්වීම ඡායාරූපකරණය  කලාවක් ලෙස පිලිගැනීමට විශාල බලපෑමක් කරනව.
ඇන්ඩි වෝහෝල්
(ඡායාරූපය-නොදනී)
60 දශකය තුළ ජනප‍්‍රිය කලාව (Pop Art) සහ සංකල්පීය කලාව (Conceptual Art) කියල කලා ධාරාවන් දෙකක් ඇති වෙනව. මේ කලා ධාරාවේ සිටපු අය තමන්ගේ කලා නිර්මාණකරනය සඳහා සඳහා ඡායාරූපකරණය විශාල වශයෙන් උපයෝගී කර ගන්නව. ජනප‍්‍රිය කලාවේ ප‍්‍රධාන කලාකරුවෙක් වෙන ඇන්ඩි වෝහෝල් කියන කලා කරුවගේ නිර්මාණ මෙතනදී උදාහරණ ලෙස දක්වන්න පුළුවන්. ඒ වගේම කලාවේ පැවති පැරණි මූලධර්මයන් ප‍්‍රශ්න කිරීමට සහ විවිධ පර්යේෂණාත්මක අත්හදාබැලීම් කිරිමට ඡායාරූපකරණය මේ යුගයේදී යොදා ගැනෙනව. මේවගේ අවසාන ප‍්‍රතිඵලය තමයි මේ තරම් කාලයක් කලා ක්ෂේත‍්‍රයේ කොනක සැගවිල තිබුනු ඡායාරූපකරණය දැලි අළු ගසාදාල කලාවක් විදියට ප‍්‍රධාන කතාබහට ඇතුළු වෙන එක.
කාන්තාවන් හා ඡායාරූපකරණය අතර ඇති සම්බන්ධයට සිදුවුනු මේ වෙනස්කම් බලපෑවෙ කොහොමද කියන එක ඊලග පෝස්ට් එකේදී බලමු?
ජීවන කාච
විස්තර ලබාගත් පොත් -
Janus, Elizabeth. Veronica’s Revenge:Contemporary Perspectives on Photography.  Germany: Steidl,1998.
Hardt, Michael. Negri, Antonio. Empire. London:Harvard, 2000.
Wallerstein, Immanuel. Geopolitics and Geoculture:Essays on the Changing World-System. New York:Cambridge, 1991
එක පාරටම අපේ ඡායාරූප පන්තියට ගැහැණු ළමයෙක් ඇවිල්ල – Women and Photography
ඡායාරූපය – ඇනී ලේබොවිට්ස්
එක පාරටම අපේ ඡායාරූප පන්තියට ගැහැණු ළමයෙක් ආවා. අපිට විතරක් නෙමෙයි අපේ සර්ටත් හරිම සතුටුයි. ගිය අවුරුද්දෙ පාඨමාලාවේ ඔක්කොම සිටියෙ පිරිමි අය. අපේ සර් සන්තෝසයෙන් ” ම්, මේක හොඳ දියුනුවක්. අඩුම තරමින් මේ අවුරුද්දේ එක ගැහැණු ළමයෙක් හරි පන්තියට ආපු එක” කියල කිව්ව. එතකොටම අර ගැහැණු ළමය ලැජ්ජාවෙන් වගේ වට පිට බලල “අනේ සොරි, මේක ඡායාරූප පාඨමාලාවද? මම වැරදි කාමරයටනෙ ඇවිල්ල තියෙන්නෙ” කියල නැගිටල යන්න ගියා. අපි මූනෙන් මූන බලා ගත්තා.
මේ අපේ යාළුවෙකුට එයාගේ විශ්ව විද්‍යාලයේදි වුනු වැඩක්. කාන්තා දිනය වෙනුවෙන් පොස්ට් එකක් දාන්න  ඕනෙ කියල කතා කරන කොට තමයි මේ කතාව මතුවුනේ. එත් ලෝක කාන්තා දිනය පහුවෙල සතියක් ගෙවිල ගියා.  පෝස්ට් එකක් දාගන්න බැරිවුනා. ඒකට හේතු වුනෙත් කාන්තා දිනයෙදි මතු කරන කාරණාම තමයි. ඡායාරූපකරණයට සම්බන්ධ වෙලා ඉන්න කාන්තාවන් කවුද?, එ් අයගෙ ඉතිහාසය මොකක්ද?, ඒ අයගෙන් ඡායාරූපකරණ ක්ෂේත‍්‍රයට වුනු දායකත්වය මොකක්ද?, ඒ අයගේ ප‍්‍රසිද්ධ නිර්මාණ මොනවාද?, වගේ දේවල් සොයන්න පටන් ගත්තට පස්සේ තමයි තේරුනේ ඒ වගේ දේවල් ගැන තොරතුරු තියෙන්නෙ හරිම අඩුවෙන් කියල.
ඉතින් මේකට හේතුව මොකක්ද? මේක තමයි අපිට ඊලගට මතුවුනු ප‍්‍රශ්නය. ඡායාරුපකරණ ක්ෂේත‍්‍රයෙ කාන්තාවන් ඉන්නෙ අඩුවෙන්ද?. එහෙම නැත්නම් ඒ අය ගැන කතාකෙරෙන්නෙ නැත්ද? ඡායාරූප ගැනීම පිළිබඳව කාන්තාවන්ගෙ උනන්දුව අඩුද? එහෙමත් නැත්නම් පිරිමි අයට වගේ කැමරා අරගෙන එහෙ මෙහෙ යන්න තියෙන ප‍්‍රායෝගික ප‍්‍රශ්න හරි සමාජ ප‍්‍රශ්න හරි මේකට හේතුවෙලා තියෙනවද? එහෙමත් නැත්නම් සමහරු කියනව වගේ ගැහැණු අය ස්වාභාවයෙන්ම පිරිමි අයට වඩා දුර්වල නිසා මෙහෙම වෙනවද? ඒත් ඉතින් ඡායාරූප ගන්නව කියන්නෙ යගුලිය දානව වගේ එකක් නෙමෙයිනෙ. අලූතෙන් හදන කැමරා කොහොමටත් බර අඩු නිසා ඒ කතාව පිළිගන්න අමාරුයි වගේ.
ඉතින් මෙන්න මේ වගේ පඹගාලක තමයි අපිත් පැටළුනේ. මේක ලංකාවට විතරක් තියෙන ප‍්‍රශ්නයක්ද කියන එකත් අපිට මතුවුනා. අතරමංවෙලා ඉන්න වෙලාවක කලයුතු හොඳම වැඬේ ඉන්න තැනට ආපු විදිය මුලින්ම කල්පනා කරල බලන එක නිසා අපි හිතුව මේ ගැටළුවෙ ඉතිහාසය හොයල බලන්න  ඕනෙ කියල. ඉතින් මේ අපි සොයා ගත්ත කරුණු ඉතාම කෙටියෙන් ලියන්නයි යන්නෙ.
ඉන්දියාවේ  පළමු ඡායාරූප වර්තාකාරිණිය වන හොමායි යරවාලා  1916-
ඕනෑම තාක්ෂණයක ආරම්භය හරියටම කියන්න අමාරුයි කියල  ඕගොල්ලො දන්නවනෙ. මොකද එක් තාක්ෂණයක වර්ධනයට තවත් විවිධ දේවල් බලපාන නිසා. ඡායාරූපකරණයටත් ඒක පොදුයි. කුඩා සිදුරකින් ආලෝකය ගමන් කිරීමට සලස්වල රූපයක ඡායාවක් නිර්මාණය කිරීම ඇරිස්ටෝටල් ගේ කාලයේ පවා දැන සිටි බවට සාක්ෂි තියනව කියල ඩෙරික් ප‍්‍රයිස් සහ ලිස් වෙල්ස් කියන මහාචාර්යවරු දෙන්න පවසනව. තව සමහරු මේ ඉතිහාසය පෙරදිගට පවා අරගෙන යනව. කොහොමටත් කැමරාවයි ඒකට අදාල තාක්ෂණයන්ගෙයි මූලික වර්ධනයන් වන්නෙ යුරෝපයේ 18 වන ශත වර්ෂයෙ අගභාගයත් 19 වන වර්ෂයෙ මුල් භාගයත් අතර කාලයෙ කියල තමයි මේ දෙන්නා පවසන්නෙ.
ඕනම දෙයක් වෙන කාගෙන් හරි ලැබෙද්දි ඒකෙ හොදයි නරකයි දෙකම එක්කනෙ අපිට ලැබෙන්නෙ. ඡායාරූපකරණය යුරෝපයේ ආරම්භ වුනු නිසාම ඒකාලයේ යුරෝපයෙ තිබුනු සමාජ ආකල්පත් ඡායාරූපකරණයට ඇතුල් වෙන එක අනිවාර්යයක්. ඒවගේම ඒ කාලේ කැමරා අයිතිවෙලා තිබ්බේ සමාජයේ ඉහළ පන්ති ව අයටයි. ඉතින් සමාජ ආකල්ප කියල කිව්වට ඡායාරූපකරණයට වැඩියෙන්ම බලපෑවේ සමාජයේ ඉහළ පන්තියෙ අයගෙ ආකල්ප.
18 වන සියවස ආරම්භය කියන්නෙ යුරෝපයේ හරිම සමුර්ධිමත් කාලයක්. යුරෝපයේ රටවල් ලෝකයේ අනිත් රටවල් ගොඩක් යටත් කරගෙන තමයි මේ වෙන කොට සිටියෙ. ඉතින් ඒ රටවල් වලින් යුරෝපයට මේ කාලයෙ සල්ලි ගලා ගෙන එනව. හැබැයි යුරෝපයෙ අයනම් කිව්වේ ඒ අය මේ රටවල් යටත් කරගන ඉන්නේ මේ රටවල් ශිෂ්ඨ කරන්න කියලයි. ඒ අය ඒක හැදින්වූයේ ශිෂ්ඨත්වයෙ මෙහෙයුම කියල.
මේ කාලයේ යුරෝපීයන්ට අනුව මනුෂ්‍යයින් කියල සැලකෙන්න තියෙන්න  ඕන මූලික ගුණාංග තමයි යුරෝපීය ජාතිකයකු වීම, සුදු ජාතිකයකු වීම, පිරිමියකු වීම, සහ ක‍්‍රිස්තියානි ධර්මය ඇදහීම යන කරුණු.  තමන් ශිෂ්ඨයි කියල පෙන්නන්ට යුරෝපීයන්ට වෙනත් කට්ටියක් අශිෂ්ඨයි කියල නම් කරන්න අවශ්‍ය වනු බවත් ඒ බව ඔප්පු කරන්න සාක්ෂි වශයෙන් ඒ ගොල්ලෝ ඡායාරූපකරණය ගොඩක් භාවිතා කල බවත් ඩෙරික් ප‍්‍රයිස් කියන මහාචාර්යවරයා පවසනව. අපි දැන් කතාකරන්න යන්නේ කාන්තාවන් ගැන නිසා යටත්විජිතකරණය හා ඡායාරූපකරණය අතර සම්බන්ධය ගැන අපි පසුව වැඩිදුර කතා කරමු.
ඡායාරූපය – ලානා ස්ලෙසික්
ඉහත සඳහන් කරපු ගුනාංග සපුරල නැති අයව යුරෝපීයන් සැලකුවෙ  අසම්පූර්ණ අශිෂ්ඨ මිනිස්සු විදියට. ඒ අනුව කළු මිනිස්සු, ආසියාවේ මිනිස්සු, ඇමෙරිකාවේ ස්වදේශීය මිනිස්සු, වෙනත් ආගම් අදහන මිනිස්සු වගේ සියළුම අය අයිති වුනේ පුර්ණ මනුශ්‍යයෙක් වෙන්න අවශ්‍ය ගුනාංග සපුරපු නැති අයගෙ ගොඩට. ඒ විතරක් නෙමෙයි මේ කාලයේ කාන්තාවන් ගැන තිබුනු මූලික අදහසත් මේකම තමයි.
කාන්තාවන් සැලකුනේ බුද්ධිමය වැඩ කරන්න බැරි, ස්වභාවධර්මයට ගොඩක් ලග ගතිගුන ඇති, දුර්වල, පූර්ණ නොවන මනුශ්‍යයන් විදියටයි. මේ නිසාම යුරෝපයේ ක‍්‍රිස්තියානි ආගම අදහන්නෙ නැති සහ වෙනත් ස්වාධීන ජීවන මාර්ගයන් ඇති කාන්තාවන් මිලියනයකට අධික ගනනක් මේ කාලයෙ පන පිටින් පුච්චල මරල දැම්ම. මෙකට ඒගොල්ලො කිව්වේ මායාකාරියන් දඩයම කියල. මේ යුගයෙ කාන්තාවන්ට නියම වුන ප‍්‍රධාන රාජකාරීන් ලෙස සැලකුනෙ ගෙදර ළමයි බලාගන්න එකයි සැමියාට ඇප උපස්ථාන කරන එකයි විතරයි.
ඉතින් ඡායාරූපකරණයේදීත් සම්පූර්ණ බලය තිබ්බෙ මේ යුරෝපීය ඉහල ප‍්‍රභූ පැලැන්තියෙ අයගෙ අතේ. මේ කාලෙ අපි කුරුල්ලන්ගෙ ඡායාරූප ගන්නව වගේ තමයි ඒ කාලෙ ඒ අය ගැහැණු අයව, ඒගොල්ලො යටත් කරන් හිටිය රටවල මිස්සුන්ව, කළු මිනිස්සුන්ව ඡායාරූපගත කලේ. අපි ඒ කාලෙ හිටියනම් අපිත් වැටෙන්නෙ වනජීවී ඡායාරූප ගණයටම තමයි.
ඡායාරූපය – ස්ටෙෆනී සින්ක්ලෙයා
ඉතින් මේ වගේ පසුබිමක කාන්තාවන්ට ඡායාරූපකරණයට සම්බන්ධවෙන්න මුල් යුගයෙ අවස්ථාවක් තිබ්බ කියල හිතන්න අමාරුයි. ඒ ගොල්ලන්ව ඡායාරූපයට නැගුව මිසක් ඒගොල්ලන්ට ඡායාරූප ගන්න බොහෝ විට ඉඩ ලැබුනෙ නැහැ. මේ තත්වය අඩු වැඩි වශයෙන් ගොඩක් කාලයක් තිබිල තියෙනව. ඒවගේම මේ අසාධාරනයන්ට විරුද්ධව කාන්තාවන් සහ තවත් අය සටන් කරල තියෙනව. ඒත් මේ අදහස් වලට විරුද්ධව විශාලතම අභියෝගය එල්ල වෙන්නේ 60 දශකයේයි.
60 දශකය කියන්නෙ ලෝකයේ විප්ලවීය වෙනස්කම් සිදුවන දශකයක්. ඇනටමත් පෝස්ට් එක දිගවැඩි නිසා අපි ඊලග පෝස්ට් එකේදී මොකද්ද මේ අභියෝගය?, කවුද ඒ අභියෝගය එල්ල කරන්නෙ?, සහ ඒ අභියෝගයෙ ප‍්‍රතිඵල මොනවද වගේ කරුණු ගැන කතාකරමු.
ජීවන කාච
විස්තර ලබාගත් පොත් -
Wells, Liz.  Photography: A Critical Introduction.  London: Routledge, 2009
ලිපියේ පළකර ඇති ඡායාරූප ගත් ඡායාරූප ශිල්පිණියන්ගේ වැඩි විස්තර දැනගන්න දකුණු පැත්තේ ඇති ඡායාරූප මත ක්ලික් කරන්න
කැමරා කාචයේ සමාජ සිතුවම්
ලොව පුරා සිටින ඡායාරූප ශිල්පීන් ශිල්පිණියන් හඳුන්වාදීමේ උත්සාහයක පළමු පියවර ලෙසට අපි ඔබට නොර්වීජියානු ජාතික ප‍්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙකු  වන ජෝනස් බෙනඩික්සන් සහ ඡායාරූපකරණය පිළිබඳ ඔහුගේ අදහස් හඳුන්වා දෙමු
ජෝනස් බෙන්ඩික්සන්
අපි එන්න එන්නම ජීවත්වන්නේ දෘශ්‍ය සංස්කෘතිය පුළුල් වන ලෝකයක. බැලූ බැලූ සෑම තැනකම ඡායාරූපකරණය තිබෙනව. බලන්න ෆ්ලිකර් සහ තවත් ඒ වගේ ඒව. දිනකට මේවාට ඡායාරූප මිලියන දෙකක් පමණ ඇතුල් වෙනව. මේ සමහරක් ඡායාරූප ඇත්තටම ගොඩක් හොඳ ඡායාරූප.
මම හිතන විදියට අනාගතයේ ඡායාරූපකරනයෙ උරුමකරුවන් වන්නේ අත්‍යාවශ්‍යයෙන්ම හොඳම ඡායාරූපය ගන්නා අය හෝ හොඳම සංකලනය සහිත ඡායාරූප ගන්නා අයම නොවෙයි. එහිදී ප‍්‍රධාන වන්නේ කා සතුවද හොඳම අදහස් ඇත්තේ කියන එක. කා සතුවද කීමට වඩාත් තියුණු කතාවන් ඇත්තේ කියන එක.
ජෝනස් බෙනඩික්සන්
( සම්මුඛ සාච්චාවකින් )
ජෝනස් බෙන්ඩික්සන් පහලොස් වැනි වියේ දී නෝර්වේ වල ජීවත් වන කාලයේ තමයි ඡායාරූප ගැනීම ආරම්භ කලේ. ඔහුගෙ පියා නොර්වේ ජාතිකයෙක්. මව ඇමරිකන් ජාතික කාන්තාවක්. එයාගෙ මවගෙ නෑදෑයන් මේකාලෙදි ජීවත් වුනෙ රුසියාවෙ ලෙනින්ග‍්‍රාඞ් නගරයෙ. එනිසා පොඩි කාලයේ ගෙදර කෑම මේසයේ සාකච්චාවල වැඩියෙන්ම කතාකරපු එක් මාතෘකාවක් තමයි රුසියාව. කොහොමද මේ අයව ආරක්ෂාකාරීව රුසියාවෙන් එලියට ගන්නෙ කියන එක තමයි වැදගත්ම කාරණාව වුනෙ. මේ දේවල් තමයි පසුකාලීනව ජෝනස්ට නොසිතූ ලෙස බලපෑවෙ.
අවුරුදු 18 දී ජෝනස් ඉගෙනගැනීම සඳහා එංගලන්තයට යනව. එහිදී තමයි ඔහුට ඡායාරූපකරණය පිළිබඳව වැඩිදුර හැදෑරීමට හැකිවන්නෙ. 1996 දී ඔහු ඡායාරූප පාඨමලාව අවසන් කරනව. ඉන් පසු ඔහුට ලන්ඩනයෙ මැග්නම් ඡායාරූප ආයතනය සමඟ සම්බන්ධව වැඩකිරීමේ දුර්ලභ අවස්ථාවක් ලැබෙනව.
1998 වසරේ දී ජෝනස් රුසියාවට ගමන් කරනව. මේ වන විට සෝවියට් සමූහාන්ඩුව බිද වැටිලයි තිබෙන්නෙ. මෙහිදී තමයි ඔහු තමන්ගෙ ඡායාරූප මෙහෙයුම ආරම්භ කරන්නෙ. ඔහුගේම වචනයෙන් කියනවනම් “ මම ඡායාරූපගත කරන්නෙ දවසේ ප‍්‍රධාන ප‍්‍රවෘර්තියට පිටතින් තිබෙන කතාවල්.”
ඔහුට අවශ්‍ය වන්නෙ අපට සාමාන්‍යයෙන් දිනපතා පුවත්පත්වල, සඟරා වල, අන්තර්ජාලයෙ නොදකින මිනිසුන් සහ ඔවුන්ගෙ ක‍්‍රියාකාරකම් ඡායාරූපගත කරන්න.
වසර ගනනක් යනවිට ජෝනස්ගෙ ඡායාරූප නැෂනල් ජෝග‍්‍රෆි, නිව්ස්වීක් සහ පැරිස් රිවීව් ඇතුළු බොහෝ  සඟරාවන්හි පළවෙනව. වසර හතක් තුළ තමන් විසින් ගනු ලැබූ ඡායාරූප වල එකතුවක් ලෙස එලිදැක්වුනු ජොනාන්ගේ පළමු පොත හදුන්වන්නෙ “සැටලයිට්” නමින්. 2005 වසරේදී තමයි ඔහුගේ වඩාත් කතාබහට ලක්වන “අප ජීවත් වන තැන්” නැමති ඡායාරූප ව්‍යාපෘතිය පටන් ගැනෙන්නෙ.
“අප ජීවත් වන තැන්”
“අප ජීවත් වන තැන් ” පොතෙහි ජෝනස් මෙසේ පවසනව. “ වසර 2008 දී ලෝක ඉතිහාසයෙ පළමු වතාවට නාගරික ප‍්‍රදේශ වල ජීවත්වන මිනිසුන්ගේ ප‍්‍රමානය ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වන මිනිසුන්ගෙ ප‍්‍රමානයට වඩා වැඩි වුනා. මේ නාගරික ජනගහනයෙන් තුනෙන් එකක්, ඒ කියන්නෙ බිලියනයකට වඩා ප‍්‍රමාණයක් ජීවත්වන්නෙ නාගරික ජනාවාස වල. එක්සත් ජාතීන්ගෙ සංවිධානය පවසන ආකාරයට මීළග වසර විසිපහ ඇතුළත මෙම ප‍්‍රමානය දෙගුන වීමට නියමිතයි.”
මෙම නාගරික ජනාවාස වල ජීවත් වන මිනිසුන් ගැන ජෝනස් හට තිබෙන්නෙ සමාජයෙ ගොඩක් අයට තිබෙන ආකල්පයට වඩා වෙනස් ආකල්පයක්. ජෝනස් මෙසේ පවසනව. “ නාගරික ජනාවාස පිළිබඳව පොදුවෙ ඇති ආකල්පය තමයි ඒවා දුප්පත් කමින් පිරුණු, අපවිත‍්‍ර, අසරණකමින් පිරුණු සහ අනාරක්ෂිත ප‍්‍රදේශ කියන එක.”
“ඒත් ඒක කතාවෙ එක පැත්තක් විතරයි. එතැන විවිධ ආකාරයේ ව්‍යාපාරයන්ගෙ යෙදෙන, ඉතා මහන්සි වී වැඩ කරන නාගරික ජනාවාස වැසියන්ගෙ ජීවන කතාද තිබෙනව. මෙවැනි නාගරික ජනාවාසයන්ගෙ ජීවිතය හා අසීරු අභියෝග ගනනාවකින් පිරුනු ජීවිතයක්. ඒ වගේම මේව නිවාස. රාත‍්‍රී ආහාරය ගන්නා වෙලාවේ දී පවුලේ අය සතුටු සාමීචියේ යෙදෙන, පොඩි ළමයි ඉස්කෝලෙ පාඩම් වැඩ කරන, අසල්වැසියන් එකට ජීවත් වන නිවාස.”
2005 සහ 2007 වසර ඇතුළත ජොනාන් කෙන්යාවේ නයරෝබි, ඉන්දියාවේ මුම්බායි, ඉන්දුනීසිවේ ජකාර්තා සහ වෙනීසියුලාවේ කැරකස් යන නගර වල පවතින නාගරික ජනාවාස ඡායාරූපයට නගනව. මෙම ඡායාරූප වල එකතුවක් තමයි පොතෙහි අඩංගු වන්නෙ.
මේ පොත අප සාමාන්‍යයෙන් දකින ආකාරයෙ ඡායාරූප පොතකට වෙනස්. ඡායාරූප තිබෙන්නෙ ඡායාරූප එකතූන් ලෙසට. උදාහරණයක් ලෙසට ජෝනස් නිවසක් තුළ ඡායාරූප ගත කරන විට එහි පැති හතරම ඡායාරූප ගත කරනව. ඉන් පසු එම ඡායාරූප හතර එක්කරල තනි ඡායාරූපයක් ලෙසට තමයි පොත ඇතුල් කරල තිබෙන්නෙ.  මෙමගින් ඉතාමත් ප‍්‍රබල ආකාරයට නාගරික ජනාවාස වල මිනිසුන්ගෙ ජීවිතය අපට මුණගස්වනවා. අනිත් ප‍්‍රධාන දෙය තමයි මේ ඡායාරූප වල සිටින මිනිසුන්ගේ ජීවිත ගැන කතා කරන්නෙ වෙන කෙනෙකු නොව ඒ මිනිසුන්ම වීම.
ඒ ගැන ජෝනස් මෙහෙම පවසනව. “ මෙතැන ජීවිතය ගැන මට කියන්න,” මම ඔවුන්ට කිව්වා. මම බලාපොරොත්තු වුනා ඔවුනට සිතෙන  ඕනෑම දෙයක් ඔවුන් කියාවි කියල – ඔවුන්ගෙ නිවාස ගැන, පවුල්, සිහින, බලාපොරොත්තු, රැකියාවන්, ආතතීන්, හා බිය වල් වැනි  ඕනෑම දෙයක් ගැන. මේ පොත ඔවුන්ගේ හඬවල් වල එකතුවක්. ලෝකයේ  වඩාත්ම වේගයෙන් වර්ධනය වන මානව  වාසස්ථානයේ  ජීවිතය ගැන පිළිබිඹුවක්. මේ තමයි අප ජීවත් වන තැන්.
ජෝනස් බෙනඩික්සන්ගෙ ඡායාරූපකරණයෙ සුවිශේෂත්වය පිළිබඳව මෙම පොතට පෙරවඳනක් ලියන පිලිප් ගෝවිච් මෙසේ පවසනව
නාගරික ජනාවාස වල ජීවත්වන මිනිසුන් ගැන කතාකරන සාකච්චා වලින් බොහෝ විට ඒ මිනිසුන් ඈත් කරල තියන වෙලාවක, හැමෝම ඇතුලත්වෙන ආකාරයට “අපි” කියන නමින් පොත පටන් ගැනීම ඒ මිනිස්සු දෙස හෙලන දයාබර බැල්මක්. සමාජ අසමානතාවයන් දෙස එයට අසු නොවුනු ආරක්ෂිත තැනක සිට ඒ දෙස බලන පේ‍්‍රක්ෂකයන්ගෙ කොටසට අප අයත් වෙනව කියන සුවදායක මායාවට මෙම පොත නිර්භීතව අභියෝග කරනව…..බෙනඩික්සන්ට වාර්තා ඡායාරූපකරණයේ පවතින ප‍්‍රධාන ගැටළු වලින් එකක් විසදීමට හැකියාව ලැබෙනව. ඒ මඟහැරිය නොහැකි ගැටළුව තමයි “රාමුවෙන් පිටත පවතින්නෙ කුමක් ද?” යන ගැටළුව.
පහත ලිපි හා පොත් ඇසුරෙන්
The Journalistic Orphans of Jonas Bendiksen
by Ron Steinman
The Places We live by Jonas Bendiksen
<embed src='http://widget-2d.slide.com/widgets/slideticker.swf' type='application/x-shockwave-flash' quality='high' scale='noscale' salign='l' wmode='transparent' flashvars='site=widget-2d.slide.com&channel=2449958197320213549&cy=wp&il=1' width='426' height='320' name='flashticker' align='middle' />
ජෝනස් බෙන්ඩික්සන් ගැන වැඩිදුර දැනගැනීමට කැමති නම්
ජෝනස් බෙනඩික්සන්ගේ නිළ වෙබ් අඩවිය -
http://www.jonasbendiksen.com/
මැග්නම් ආයතනයෙ නිළ වෙබ් අඩවිය -
http://www.theplaceswelive.com/
ලිපියේ ඉහත උපුටා දක්වපු සම්මුඛ සාකච්චාව ඇති ජෝනස් බෙනඩික්සන් පිළිබඳ වීඩියෝ ක්ලිපයන් -
http://www.youtube.com/watch?v=1gPMbpcrvkE
http://www.youtube.com/watch?v=ku5JzJLJiMI
ජෝනස් බෙනඩික්සන්ගෙ ග‍්‍රන්ථයන්
The Places We Live (2008)
Satellite (2006)
( කණගාටුදායක කාරණය තමයි මෙම පොත් ඉතාම මිළ අධික වීම, උදාහරණයක් ලෙසට “සැටලයිට්” කියන පොත රු:24000 පමණ වෙන අතර ” ද ප්ලේසස් වී ලිව්” කියන පොත රු 3000 ත් 6000 ත් අතර ගනනක් වෙනව. එම නිසා අන්තර්ජාලයෙන් මෙම ඡායාරූප බලන එක තමයි පහසුම ආකාරය. ඒත් කාටහරි පොත් අවශ්‍යම නම් පහත  අන්තර්ජාල සබැදුම හරහා යන්න.)
Places-We-Live-Jonas-Bendiksen
Jonas-Bendiksen-Satellites
කැමරා සයුරේ නාමු ගිලීල
අද හැමතැනම කැමරා වැහි වැහැල. ඩිජිටල් කැමරා, ෆෝන් කැමරා, සාක්කුවේ දාගන යන කැමරා, පර්ස් එකේ දාගෙන යන කැමරා, තවත් එකී මෙකී නොකී කැමරා වර්ග කීයක් අපේ වටේ කැරකෙනව ද?
මීට අවුරුදු ගනනකට පෙර කැමරාව කියන්නේ හරිම ගරු ගාම්භීර භාන්ඩයක්. විනෝද චාරිකාවක් එහෙම යත්දි හරිම අමාරුවෙන් තමයි එකක් හොයා ගන්නේ. චාරිකාවටම තියෙන්නෙ එක රීල් එකයි. ඉතින් කැමරාව අයිතිකාරය දෙවියෙක් වගේ. දියඇල්ලයි, රෝස මලූයි, තේ වත්තයි කවර් කරාට පස්සෙ අපට ගොඩක් වෙලාවට ඉතුරු වෙන්නෙ යාන්තම් සමූහ රූප ටිකකට මූණ දාගන්න එක විතරයි. ඒත් කැමරාව අයිතිකාරය රෝසමල් වලට ආස කෙනෙක් නම් දෙවියන්ගෙ පිහිටයි. මුළු චාරිකාවම මල්.
දැන් ඒ කාලෙ ඉවරයි. හැමෝම අතේ කැමරා. එක එක වර්ගයේ ඒවා. එක අතකින් බලන කොට මේකත් හරිම විප්ලවයක් තමයි. මීට කාලෙකට ඉස්සර තමන්ගෙ ජීවිතයෙ මතක සටහන් ඡායාරූප විදියට ඉතුරුකරල තියන්න පුළුවන් වුනෙ කීයෙන් කී දෙනාටද? ඒ සමාජයෙ සල්ලි තියෙන ප‍්‍රභූ පැලැන්තියෙ අයට විතරයි. ඒ වගේ අයගෙන් වැඩි දෙනෙක් කොහොමටත් හැමදාම ජීවත් වුනෙ අනිත් අයට ජීවිතයක් තිබුනෙ නෑ වගේනෙ.
අද යාන්තම් ඒ කරදරේ ඉවරයි.  අද ඡායාරූපවල කොච්චරනම් විවිධත්වයක් තියෙනව ද? ඉස්සර ස්ටුඩියො වලට ගිහිල්ල ගන්න ඡායාරූප බැලූවොත් ඔක්කොම ඉන්නෙ දියඇල්ලක් ඉස්සරහ. මාතර කෙනත් දියඇල්ලක් ඉස්සරහ. නිකවැරටියෙ කෙනත් දියඇල්ලක් ඉස්සරහ. කොළඹ කෙනත් දියඇල්ලක් ඉස්සරහ. හරියට මූළු ලංකාවම මධ්‍යම කදුකරය වගේ.
හැබැයි ඉතින් මේ දේවල් ගැන හැමෝම එක විදියෙ සතුටකින් නෙමෙයි ඉන්නෙ. ඒකට සාධාරන හේතුත් නැත්තෙ නැහැ.
සමහරු කියනව හැමතැනම ඉන්න කොල්ලොයි බල්ලොයි ඔක්කොම ඡායාරූප ගන්න ගියාම ඡායාරූප කරණයෙ තත්වය බාල වෙනවලූ. ඒක නම් ටිකක් ප‍්‍රභූවාදී කතාවක්. තමන්ගෙ ඉඩමෙ කොටසක් පාරට යනකොට කියන කතාවක් වගේ.
තවත් සමහරු කියනව මේකෙන් ඡායාරූපකරණය වෘත්තියක් විදියට කරන අයගෙ ජීවිතවලට තර්ජනයක් වෙනව කියල. මේකනම් සාධාරන ගැටළුවක්. බරපතලව කල්පනාකරන්න අවශ්‍ය දෙයක්.
තවත් සමහරු කියනව හැමෝටම පින්තූරගන්න පුළුවන් වුනාට හොද ඡායාරූපයක් ගන්න එක  ඒතරම් ලෙහෙසියෙන් කරන්න බැහැ කියල. ඒක ඒගොල්ලන්ට අනුව වෙනම කලාවක් .
ඉතින් ඔන්න ඔය වගේ සාධාරන අසාධාරන විවේචන ගොඩක් තියෙනව මේ ගැන.
කොල්ලොන්ගෙයි බල්ලොන්ගෙයි ප‍්‍රශ්නය අපි පැත්තකට දාමු. සාමාන්‍ය මිනිස්සු අතට අයිතිවාසිකම් ලැබෙන හැම වෙලාවකම ඔය පන්තියෙ අයට කොහොමටත් ඒක දැනුනෙ සංස්කෘතික ලෝක විනාශයක් වගේ. ඒත් ඉතින් සමාජය වෙනස් වෙන්නෙ ඒගොල්ලගෙන් අහල නෙමෙයිනෙ. හැබැයි මේ අය ඒ තරම් ලේසියෙන් පසුබහින්නෙත් නැහැ.
ගොඩක් වෙලාවට ඒ ගොල්ලන්ගෙ ඊලග තුරුම්පුව තමයි දැණුම. හැමෝටම කැමරා ගන්න පුළුවන් වුනාට හොඳ ඡායාරූපයක් ගන්න, ඡායාරූපයක් කලාත්මකව රසවිදින්න හැකියාව තියෙනව ද? ඒකට දැණුමක් අවශ්‍යයි. සංස්කෘතියක් අවශ්‍යයි.  මේ අය ඉපදෙනකොටම පිකාසෝගෙ චිත‍්‍රයක් දිහා බලල “ෂා, මාර චිත‍්‍රයක්නෙ” කියගෙනම ඉපදුනා වගේ තමයි  මේව කියන්නෙ.
සමාජයෙ කට්ටියකට කලාව ගැන ඉගෙන ගන්න ලැබුනෙ නැත්තෙ, හොඳ කලා කෘති දකින්න ලැබුනෙ නැත්තෙ අහම්බයකින් නෙමෙයිනෙ. ඉතින් ඒකටත් අපිටම වරද පටවන එක යන්න එන්න බැරිවුනාම කරන වැඩක් කියලයි අපට හිතෙන්නෙ.
ඒත්, මේ නිසාම, යම් දෙයක් ඉගෙනීම තුළින් ඒ විෂය පිළිබඳව ප‍්‍රවීණත්වයක් ලබාගන්න පුළුවන් සහ අපගේ රසවින්දන ශක්තිය වැඩිකරගනන පුළුවන් කියන එක අපට ප‍්‍රතික්ෂේප කරන්න පුළුවන් ද?
අපට සමහර වෙලාවට සිතෙනවනේ සමහරක් ඡායාරූප එතරම් හරි නැහැ, මට මේක වෙන විදියකට ගන්න තිබුන, වගේ දේවල්. ඒවගේම සමහර පොත් වල තියෙන ඡායාරූප මිනිස්සු ගත්ත ඒවා කියල හිතාගන්න බැරි තරම් ලස්සනයි. මමත් ගන්නම් මේ වගේම එකක් කියල කොච්චර ට‍්‍රයි කරත් පුරුද්දට වැදෙන්නෙම ඉර බැහැගෙන යන එකයි කැළණි විහාරෙයි විතරයි.
අනික ලංකාවෙ සමහරක් විශ්ව විද්‍යාල වල ඡායාරූපකරණය කියල පාඨමාලාවල් තිබෙනව. පුද්ගලික ආයතන වලින් කරනු ලබන කැමරා පාඨමාලාවල් තිබෙනව. කැමරාකරණය පිළිබඳ ලියවුනු සගරාවල් තිබෙනව. සමහරක් අය ඡායාරූප ප‍්‍රදර්ශනයන් තියනව. ඉතින්, මේ දේවල් සියල්ල  දිහා බැලූවම ඡායාරූපකරණය පිළිබඳව  ඉගෙනගන්න බොහෝ දේ තියනව කියන එක අපටම තේරෙනව.
හැබැයි ඉතින් හැමෝටම කොහෙද මේවට වෙලාවක්. විශ්ව විද්‍යාලයකට යන්න හම්බවෙන්නෙ කීයෙන් කී දෙනාටද? ඡායාරූපකරන පාඨමාලාවල් වලට වෙලාව යොදවන එක වගේම ඒවට මුදල් ගෙවන එකත් එතරම් අපට පහසු වැඩක් නෙමෙයි. ඡායාරූපකරණය ගැන ලියවෙල තියෙන ගොඩක් පොත්වල මිළ අධිකයි. එහෙමත් නැත්තම් තියෙන්නෙ ඉංග‍්‍රීසි භාෂාවෙන්. ලංකාවෙ ඉංග‍්‍රීසි දන්නෙ සියයට තුනක ප‍්‍රමාණයක් විතරයි.
අනිත් එක, මේ ගැන ඉගනගත්තොත් රැකියාවල් විදියට ඡායාරූප ගැනීම කරන්නත් පුළුවන්. මේ වගේ අමාරු කාලෙක අඩුම තරමින් අමතර ආදායමක් ලැබෙන දෙයක් විදියට හරි මෙ වගේ දෙයක් තියෙන එක කොච්චර හොඳද?
මොනව නැතිවුනත් විනෝදාංශයක් විදියට හරි මේවගේ දෙයක් අපට තියෙන එක අපේ මානසිකත්වයට  හොඳයි. මොකද, අවුරුදු තිහක් විතර එක දිගට යුද්ධ මැද්දෙ ඉදල අප ඉන්නෙ කවුරුහරි “ගුඞ් මෝනින්” කිව්වත් “ඇයි මොකද?”  කියල අහන මානසිකත්වයකනෙ.
මේක නිසා අන්තර්ජාලය ඇතුලෙවත් පුළුවන් පුළුවන් කෙනා ඡායාරූපකරණය පිළිබඳව තමන් දන්න මොනවාම හෝ දෙයක් ලියන එක ගොඩක් වැදගත් කියලයි අපි හිතන්නෙ. දැනටමත් ඒවගේ  සත් ක‍්‍රියාවන්වල නියැලිල ඉන්න මිතුරු මිතුරියන් කොටසත් ඉන්නව. ඒකට පින්.
ඉතින් අපටත් හිතුන ඡායාරූපකරණය ගැන මොනව හරි හමුවුනොත් ඒක අනිත් අයක් එක්ක බෙදා ගන්න  ඕන කියල. ඇත්තටම කියනවනම්  “ඡායාරූපකරණය පිළිබඳ දැනුම” වගේ බරපතළ කාරනා හින්දම නෙමෙයි මොනව හරි අළුත් දෙයක් හමුවුනාම ලග ඉන්න කාටහරි ඇගිල්ලෙන් හරි ඇනල කියන්න එන ආශාව හින්ද. ඉතින් අපි ඉදිරියෙදි හමුවෙමු.
ජීවන කාචයේ අප