තීරණාත්මක නිමේශය- හෙන්රි කාතියේ බ්‍රෙසන්
ඩෙනිස් හොපර් තමන්ගේ සිනමා දිවිය ආරම්භ කරන ලද්දේ වසර විස්සේදී “රිබෙල් විතවුට් අ කෝස්” නැමති චිත‍්‍රපටයයෙහි රගපෑමෙනි.ඔහු චිත‍්‍රපට ගනනාවක් අධ්‍යක්ෂණය කර ඇත. 1969 දී සම්මානයට පාත‍්‍ර වූ “ඊසි රයිඩර්” චිත‍්‍රපටයත්, 1988 වසරේදී තිරගත වුනු “කලර්ස්” චිත‍්‍රපටයත් ඒ අතරින් කිහිපයකි. ඔහු 2010/05/29 දින මියගිය අතර ඒවන විට ඔහුගේ වයස වසර 74ක් විය. මේ ලිපිය ඔහු කලා ක්ෂේත‍්‍රය වෙත කරනු ලැබූ දායකත්වය සිහිකිරීම වෙනුවෙන් පළ කිරීමට අපි අදහස් කලෙමු.
හෙන්රි කාතියේ බ්‍රෙසන් ගැන ඩෙනිස් හෝපර්…….
1995 වසරේදී මම දෙවැනි වසරෙ උපාධි අපේක්ෂකයෙක්. ඒ කාලයේ මම පදික වේදිකාවල සෑදී තිබුණු ඉරි තැලීම් හා මඟ දෙපස තාප්ප වල සමීප දර්ශන ජායාරූපයට නගමින් සිටියෙමි. මම නිරන්තර නිර්මාණකරනයේ යෙදුන කෙනෙක්. චිත‍්‍ර ඇදීම, මූර්ති නිර්මාණය, ඡායාරූප ගැනීම, මේ සියල්ල මම එක් දෙයක් ලෙසට සැලකුවෙමි. කවුරුන්හෝ මට හෙන්රි කාතියේ බ්‍රෙසන්ගේ “තීරණාත්මක නිමේශය” පොතෙහි පිටපතක් දුන් අතර එම පොත විසින් මාවත් මගේඡායාරූපකරණයත් වෙනස් කරනු ලැබීය. මම මින් පසු ඒ පොතෙහි තිබූ ආකාරයේ ඡායාරූපයන් ගැනීමට පටන් ගත්තා යැයි මම නොකියමි. නමුත් එය ඡායාරූපකරණය පිළිබඳ මා සතුව පැවති සංකල්පය වෙනස් කලේය. අප ඡායාරූපගත කිරීමට යන වස්තුව ඡායාරූපයට නැගිය හැකි තනි නිෂ්චිත මොහොතක් තිබෙනවා යන අදහස මෙම සංකල්පයයි. කාතියේ බ්‍රෙසන් මෙම අදහස “තීරණාත්මක නිමේශය” ලෙස හඳුන්වයි.
එම පොතෙහි මා නැවත නැවත බැලීමට පෙළඔවූ ඡායාරූපය මෙයයි. මෙහි වඩාත්ම සිත්ගන්නා සුළු දෙය වූයේ එහි සංකලණයයි. මෙම මිනිසුන් ස්ථානගත වී ඇති ආකාරය දෙස බලන්න. ඡායාරූපය මැද සිටින පුද්ගලය, ඔහු ගේ අත් දෙක තිබෙන තැන. ඔහුගේ දකුණු පසින් සිටින කාන්තාව, ඇගේ අත් ඉහලට එසවී ඇති ආකාරය, ඇය කුකුල් මස් කැබැල්ලක් වැනි දෙයක් ගලවන ආකාරය. මැද සිටින පුද්ගලයාගේ වම් පැත්තෙහි හිඳ ගෙන සිටින කාන්තාව, ඇගේ අත් ඉහලට එසවී ඇති ආකාරය. ඇය බොහෝ විට මස් කෑල්ල සැපුවා හෝ සපන්නට යනවා විය හැක. වයින් වක්කරන පුද්ගලය, ඔහු හිඳගෙන සිටින ආකාරය, සහ ඔහුගේ මුහුණ යන්තමට අපට මදක් පෙනෙන සේ හැරී ඇති ආකාරය. මෙහි වඩාත්ම ආශ්චර්යමත් දෙය තමයි මේ සියළු දේම එතැන තිබෙන එක.
ඔබට ඇත්ත වශයෙන්ම මේ සියළු දේ සංකලණය කල නොහැකියි. එය කර ඇත්තේ වම් පස සිටින පුද්ගලයාගේ උරහිස යාන්තමින් රාමුවේ දාරයට වන්නට තිබීම සහ රාමුවේ පහල කෙලවර මත ඔහු හිඳ ගෙන සිටින ආකාරයෙනුයි. හෙන්රි කාතියේ බ්‍රෙසන් තමන්ගේ ඡායාරූපයන් කපා සකස් නොකරන බව අප මතක තබා ගත යුතුයි. මේ ඡායාරූපය රාමුගතකර ඇති ආකාරය විශිෂ්ඨ වන්නේ එම නිසයි.
කාතියේ බ්‍රෙසන් නිතරම සිත්ගන්නා සුළු සංකළණයක් සොයාගන්නා ආකාරය මාහට තේරුම් ගත හැකිය. ඔහු එය කරනු ඇත්තේ තමන්ගේ කැමරාව සවිකර තමන් අපේක්ෂා කරන සංකළණ අවකාශය තුළ යමක් සිදුවෙන තෙක් බලා ගෙන සිටීම මගිනි. මෙයින් අදහස් කරන්නේ ඔහු රහසින් හැසිරෙන බව නොවෙයි. එයින් අදහස් කරන්නේ ඔහු ඡායාරූප ගැනීමේදී ඉතාම සැහැල්ලූවෙන් කටයුතු කරන බවත් ඡායාරූපගත කරන සිදුවීමට කිසිම විටක මැදිහත් නොවන බවත්ය. ඔහු කවදාවත් මුනිසුන්ට ඡායාරූපයකට පෙනීසිටින ලෙස පැවසුවේ නැත. “මේක කරන්න” “අරක කරන්න” ” ඔබට මඳක් මේ පැත්තට හැරෙන්න පුළුවන්ද?” “ඔබට මඳක් අර පැත්තට හැරෙන්න පුළුවන්ද?” ඡායාරූප ශිල්පියෙකුට වෙනත් කෝණයක් අවශ්‍ය වූ විටක දෙවියන්ගේ නාමයෙන් ඔවුන් කල යුත්තේ තමන් සිටින තැන වෙනස් කිරීමයි. “ඔවුන් එහාට මෙහාට වෙනව වෙනුවට මොන මගුලකටද මගෙන් අහන්නේ එහාට වෙන්න පුළුවන්ද? මෙහාට වෙන්න පුළුවන්ද කියල?”
1961 සිට 1967 දක්වා වසර ගනනාවක් පුරා මම කොහේ හෝ යන විට කැමරාවක් රුගෙන යාමට පුරුදුව සිටියෙමි. නමුත් මා දැන් ඒ දේ නොකරන බැවින් මා ඡායාරූප ශිල්පියෙක් යන බව මා හට නොහැගේ. මම ‘ඊසි රයිඩර්” චිත‍්‍රපටය අධ්‍යක්ෂණය කිරීම ආරම්භ කල පසු ඡායාරූප ගැනීම මම නතර කලෙමි. මට ලියන එක, රඟපාන එක, අධ්‍යක්ෂණය කරන එක අතර කැමරාවක් රුගෙන යාම කල නොහැක. ඇත්තවශයෙන්ම මට ඒ දේ කිරීමට අපහසුය. මම කැමරාව නැතිකර ගත හැක.තමයි මාගේ ඡායාරූපකරණය අවසන් වූයේ මේ ආකාරයටය. තවත් අතකට සිනමා කැමරාවක් භාවිතා කරනව යනු එක්තරා ආකාරයකින් ඡායාරූපකරණයේ යෙදීමකිි. මා ඡායාරූප ගැනීම නතර කර තිබෙනවා වූවත් මම තවමත් අවට ලෝකයේ සංකලණය දෙස බලමි. ඇත්තවශයෙන්ම සිදුවී ඇත්තේ මා තවත් කලාපයකට මාරු වීම පමණකි.
“තීරණාත්මක නිමේශයන්” කියන අදහස රගපෑම සමග බොහෝ සම්බන්ධ කම් ඇති බව ඔබට පෙනෙනු ඇත. එය ස්ට‍්‍රාස්බර්ග් හෝ ස්ටැනිස්ලාවුස්කි කියන දෙයට සමානය. එනම් මොහොතකින් පසු මොහොතක් ලෙස යථාර්ථය පවතිනවා යන අදහසයි. ඔබට මීලග මෙහොත පිළිබඳ පෙර සැකසුණු අදහසක් නොමැත. ඔබ මේ සිටින මොහොත තුළ ජීවත්වනවා පමණි. මම චිත‍්‍රපටයක් අධ්‍යක්ෂණය කරන විට යමක් හදිසියෙන් සිදුවූවොත් එය මා හට ප‍්‍රයොජනවත් විය හැකි බව මම දනිමි. ශෝන් කෝටියේ පැවසූ දෙයක් මා හට සිතට නැගේ. ” නිර්මාණයන්ගෙන් සියයට අනූ අටක් අහම්බයක්. සියයට එකක් බුද්ධිමත් භාවය සහ සියයට එකක් තාර්කිකත්වය.” සියල්ල රඳා පවතිනුයේ අහම්බය තමන් ප‍්‍රයෝජනයට ගන්නේ කොහොමඳ යන්න ඉගෙන ගැනීම මතය.
නමුත් මෙම ඡායාරූපය වෙනස්ය. එය අහම්බයක් නොවේ. මෙම ඡායාරූපයෙන් අදහස් කරන්නේ කුමක්දැයි මම නොදනිමි. නුමුත් මා යම් විශිෂ්ඨ දෙයක් දෙස බලමින් සිටින බව මම දනිමි. කාතියේ බ්‍රෙසන්ට අනුව මෙවන් උත්සාහය දැරීම, එතැනට ගමන් කිරීම, තමන් තවත් මෙහොතකින් මැදිහත් වීමට නියමිත ඒ මිනිසුන්ගේ ජීවිත අසලට ගමන් කිරීම, ඇත්තෙන්ම විස්මයජනක අත්දැකීමකි. මේ සියළු දේ එක් වචනකින් ඔහු තේරුම් කරයි. “තීරණාත්මක නිමේෂය” ඇත්ත වශයෙන්ම එය තීරණාත්මක නිමේෂයකි.
පහත දැක්වෙන පොතෙහි ලිපියක පරිවර්තනයකි
Heiferman, Marvin. Kismaric, Carole. Talking Pictures:People Speak About the Photographs That Speak to Them. San Francisco:Chronicle Books, 1994.
පරිවර්තනය-ජීවන කාච
හෙන්රි කාතියේ බ්‍රෙසන්
හෙන්රි කාතියේ බ්‍රෙසන් ප‍්‍රංශ ජාතික ඡායාරූප ශිල්පියෙක්, හා චිත‍්‍ර ශිල්පියෙකි. කේම්බි‍්‍රජ් සරසවියෙ චිත‍්‍ර කලාව හා දර්ශනය හැදෑරු බ්‍රෙසන් 1937 වසරේ ස්පාඥයේ දී වාර්තා චිත‍්‍රපට නිර්මාණකරනය ආරම්භ කලේය. 1940 වසරේ ජර්මනියේ යුධ සිරකරුවකු බවට පත්වු බ්‍රෙසන් 1943 වසරේදී එතැනින් පැන යාමට සමත් විය. ඉන්පසු ප‍්‍රංශය නිදහස් කර ගැනීමේ රහස් විරොධතා ව්‍යාපාරයට එක්ව සටන් කල ඔහු යුද්ධයෙන් පසු ඡායාරූපකරණය වෙත පිවිසියේය. ඡායාරූපකරණ ක්ශේත‍්‍රයේ ඇවැන්තයෙක් ලෙස සැලකෙන බ්‍රෙසන් සුප‍්‍රකට “මැග්නම්” ඡායාරූප කණ්ඩායමේ නිර්මාතෘ කෙනෙක් වේ. මෙ ඔහුගේ ප‍්‍රකට ඡායාරූප අතරින් කිහිපයකි.









